Tuesday, June 24, 2025
Follow Us
 “World Economic Forum 2025” -  නව නායකයන්ගේ වාර්ෂික සමුළුවට අමැති හඳුන්නෙත්ති සහභාගි වෙයි

චීනයේ ටියැන්ජින් (Tianjin, China) පැවැත්වෙන “World Economic Forum 2025” -  නව නායකයන්ගේ වාර්ෂික සමුළුව සඳහා ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.

මෙම සමුළුවේදී ස්වාභාවික සම්පත් සඳහා රාජ්‍ය - පුද්ගලික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම පිළිබඳ උසස් මට්ටමේ සංවාදයක් ගොඩනැගුණු බවත්, IGWEL : නව භූ - ආර්ථික යුගයේ ප්‍රගමනය පිළිබඳ ව්‍යාපාරික දිවුරුම සම්බන්ධවත් වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

සමුළුව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ නව රජයේ රාජ්‍ය - පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය පිළිබඳවත්, වත්මන් රජය දේශපාලනික වශයෙන් දූෂණය තුරන් කිරීමට ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව හා එම නිසා ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ නව ආයෝජන අවස්ථා මෙන්ම ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථිකමය පසුබිමක් ගොඩනැගී ඇති බවත්ය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් ගමන් මග සහ එහි සාර්ථකත්වය පිළිබඳව විදෙස් රටවල් වල විශේෂ අවධානයක් යොමු වූ බවද, අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය. 

මෙම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වාණිජ අමාත්‍ය Hassan Elkhatib මහතාද හමුවිය.

මෙම සමුළුව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  • Hassan Elkhatib, ඊජිප්තු ආයෝජන සහ විදේශ වාණිජ අමාත්‍ය
  • Sebastian Buckup, ලෝක ආර්ථික මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ
  • Cai Chaolin, චීනයේ Guizhou පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර
  • Lindsay Hooper, කැම්බ්‍රිජ් විශ්වවිද්‍යාල Sustainability Leadership ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
  • Jingdong Hua, ISSB - ජාත්‍යන්තර තිරසාර මාර්ගෝපදේශන මණ්ඩලයේ උප සභාපති
  • Naoko Ishii, ටෝකියෝ විශ්ව විද්‍යාලයේ Global Commons ආයතනයේ අධ්‍යක්ෂ
  • Li Xia, චීනයේ විදේශීය පාරිසරික සහයෝගීතා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
  • Mahmoud Mohieldin, ජාත්‍යන්තර තිරසාර සංවර්ධනය සඳහා UN විශේෂ නියෝජිතයා
  • Mthuli Ncube, සීමාමය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය - සිම්බාබ්වේ
  • Haifa Bint Mohammed AI Saud, සවුදි අරාබියේ සංචාරක උප අමාත්‍යවරිය
  • Abdourahmane Sarr, සෙනගාලයේ ආර්ථික සැලසුම් සහ සහයෝගීතා අමාත්‍යවරයා