වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් සහ පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් වැඩසටහන් කිහිපයක් පසුගියදා හලාවත වැවිලි සමාගමේ පලුගස්වැව වත්තේ දී සිදු කෙරිණ.
පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් පොහොර ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමිව පොල් වගාකරුවන් 146 දෙනෙක් සඳහා පොල් පොහොර මෙට්‍රික් ටොන් 30 ක් බෙදා දීම හා කප්රුක ණය වැඩසටහන යටතේ පොලි සහන හිමි වන පිරිස සඳහා එම පොලි සහන ලිපි ලබා දෙන ලදී.
ඊට අමතරව වගාකරුවන් වෙත පොල් පොහොර භාවිතය, පොල් වලවල් සකස් කිරිම, පොල් වගාව හා ආශ්‍රිත රෝග හා මර්ධනය ආශ්‍රිත දැනුම බෙදා දීමේ දැනුවත් කිරිමේ වැඩසටහන් කිහිපයක් ද පලුගස්වැව වත්තේ දි සිදු විය.