Saturday, July 05, 2025
Follow Us
හජ් වන්දනාව ඇරඹේ - ලක්ෂ 20ක පිරිස, 10,000ට සීමාවේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් සිදු වුවද වාර්ෂික හජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙනවා. කෙසේවෙතත් මක්කමදී හජ් වන්දනාවද ආරම්භ වූයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේවීමද විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් හජ් වන්දනාව සදහා වාර්ෂිකව මුස්ලිම් බැතිමතුන් ලක්‍ෂ 20 ක පිරිසක් සහභාගි වනවා. කෙසේවෙතත් මෙවර ඒ සදහා සහභාගිවීමට ඉඩ ඇත්තේ 10,000 කට ආසන්න පිරිසක් පමණක් බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. එම සියළු දෙනා සෞදි අරාබි ජාතිකයින් වනු ඇති. ඒ, මෙවර මක්කම වන්දනාව සෞදි අරාබිය විසින් විදෙස්ගත බැතිමතුන්ට තහනම් කිරීම හේතුවෙන්.

(Neth)