Wednesday, May 08, 2024
Follow Us
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහත හෙලයි.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහල ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා ඇති  බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති එම්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කරයි.
මේ සඳහා පාදක වී ඇති ශ්‍රී ලංකා ඒක පුද්ගල ආදායම් දර්ශකයයී.

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කලත් ඔහු එම ශ්‍රේණිගත කිරීමට එතරම් එකඟතාවයක් නොදැක්වීය.

ඔහු තවදුරටත් සඳහන් කරේ ඉදිරියේදී තිරසාර සංවර්ධනයක් ලඟාකර ගැනීම තුළ නැවතත් ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත වීමට ඉඩ ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා සඳහන් කළේ ඉදිරියේදී රටතුළ උද්ධමණය තව දුරටත් ඉහළ යා හැකි බවයි.

(LIN)