Wednesday, May 08, 2024
Follow Us
මෙරට සෞඛ්‍ය සේවකයන්ට එක්සත් රාජධානියෙන් කඩිනම් වීසා

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සිය සෞඛ්‍ය සේවයේ ‘කඩිනම් වීසා’ ලබාගැනීම වෙනුවෙන් ‘සෞඛ්‍ය හා රැකවරණ වීසා ක්‍රමය’ දියත් කරන බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

‘සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ට හා ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ට වේගවත් වීසා සැකසුම්, වීසා ගාස්තු අඩු කිරීම හා සංක්‍රමණික සෞඛ්‍ය අධිභාර ගෙවීම් අත්හිටුවීම’ ක්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි මාස කිහිපය තුළ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය හා සත්කාර වීසා බලපත්‍රය ඔස්සේ සෞඛ්‍ය වෘත්තිකයන්ට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය තත්ත්වයට ඇතුළත් වීමට වේගවත් වීසා මාර්ගයක් නිර්මාණය කරන බවද මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

සංචාරක ක්‍රියාපටිපාටිය තවමත් අවිනිශ්චිතව පැවැතුණද එළඹෙන අධ්‍යයන වර්ෂයේදී අධ්‍යාපනය සඳහා අයැදුම් කිරීමටද බ්‍රිතාන්‍යය ශ්‍රී ලාංකික සිසුන් උනන්දු කරවන බවත් ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිසුන් පිළිගැනීමට සිය විශ්වවිද්‍යාල උනන්දුවෙන් බලා සිටින බවත් කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(Aruna)