Saturday, May 04, 2024
Follow Us
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ILO නියෝජිතයන් අමතයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳව, ලෝක කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාව සඳහා මැලේසියාවේ, මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන්, ජාත්‍යන්තර හාම්පුතුන්ගේ සංගමයේ ආසියානු කලාපයේ උප සභාපති නිරොයුකි මට්සුයි, ඇතුළු නියෝජිතයන් එක් වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“රටක් ලෙස කොවිඩ් 19 මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වේගවත් ප්‍රතිචාරයක් දැක්වූවා. මාර්තු 19 සිට රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින්, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කොට ගෙන පැතිරයාම වැළැක්වූවා. සෞඛ්‍ය පද්ධතියම ශක්තිමත් කලා.කෙසේ වෙතත් තවමත් ලොව පුරා මෙම වෛරසය පැතිර යන නිසා, එමගින් ලංකාවට ද බලපෑම් ඇති කරනවා. එම නිසා අපි ශ්‍රමිකයින්ට මෙහි බලපෑම අවබෝධකරගෙන අමාත්‍යාංශය ලෙස අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව සේවා යෝජකයින්, වෘත්තිය සමිති, අමාත්‍යාංශය සමඟ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන බලකායක් පිහිටුවා ගත්තා. එසේම ඒ මඟින් සේවා නියුක්තියෙහි වන බලපෑම අවම කිරීම සඳහා නිසි පියවර ගත්තා. මෙවන් තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාවේ ආර්ථිකය සතුටුදායක තත්වයක පවත්වාගෙන යාමට අපට හැකිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් නිසා බව නිහතමානීව සඳහන් කරමි. ” මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගෙවීම සඳහා හාම්පුතුන් සමඟ සාර්ථක ගිවිසුමකට එළඹීමට හැකි වූ බවයි. එසේම, ආයතන වසා දමා තිබියදී සේවක වැටුප් අඛණ්ඩව ලබාදීමටද ඉන් හැකියාව ලැබූ බවද සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තිය සමිති හා සේවා යෝජකයන් සමඟ එළඹී එකඟතාවයට අනුව, සහන රැසක් සේවකයින්ට ලබා දීමට හැකිවූ බවයි.

ඒ අනුව, කොවිඩ් 19 හේතුවෙන් සේවක රැකියා සුරක්ෂිත කිරීම, සෞඛ්‍ය උපදෙස් අනුව, කාල ක්‍රමයට අනුව සේවා සඳහා ශ්‍රමිකයින් සේවයේ යෙදවීම, නිවසේ සිටින සේවකයින්, තමන් ලද අවසන් වැටුපෙන් 50% හෝ රු.14500.00 ගෙවීමට කටයුතු කිරීම. ශ්‍රී ලංකාව අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කලාපීය රටවල ප්‍රයෝජනය සඳහා බෙදා ගැනීමට ද අමාත්‍යවරයා විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී.

විගමණික ශ්‍රමිකයන් සඳහා කොවිඩ් 19 ට ප්‍රතිචාර දැක්වීමේ සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම, කොවිඩ් 19 නිසා රැකියා අහිමි වූවන් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය විසින් සවිබල ගැන්වීමේ සැලැස්මක් සකස් කිරීම, සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මඟින් රුපියල් බිලියන 150 ක් ඒ සඳහා යෙදවීම ඇතුළු කරුණු 05 ක් සදහන් කරන ලදී. කොවිඩ් අවධානම නිසා අනාගතයේදී විය හැකි ගැටළු නිරාකරණය කිරිමට සැලසුම් සකස් කර ඇති බවද මෙහිදී අමාත්‍යවරයා විසින් කරුණු සඳහන් කරන ලදී.

(news.lk)