Tuesday, May 21, 2024
Follow Us
පසුගිය පැය විසි හතරට අමෙරිකාවෙන් ආසාධිතයන් 46 000ක්

අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක නිරෝධායන සීමා ලිහිල් කිරීමත් සමග කොරෝනා ආසාදිතයින්ගේ සීඝ‍්‍ර වැඩි වීමක් වාර්තා වනවා.

ගත වූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 46,000 කට අධිකයි. ඒ හේතුවෙන් ව්‍යාපාර සඳහා ලිහිල් කළ නිරෝධායන සීමා යළි බලාත්මක කිරීම කෙරෙහි, අදාළ ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් නියෝග කර ඇත්තේ අවන්හල්වලට ගෙන්වා ගන්නා පාරිභෝගිකයින් ප‍්‍රමාණය සියයට 50 කින් අඩු කළ යුතු බවට සීමා පනවන බවයි. දිවා කාලයේදී සියලූම මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවට ද ටෙක්සාස් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩි සැන්ටිස් නියෝග කර ඇත්තේ වහාම කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රාන්තයේ සියලූම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගත යුතු බවයි. කැලිෆෝ්ර්නියාවේ ඉම්පීරියල් ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන්, එම ප‍්‍රදේශවාසීන්ට නිවෙස්වල රැදී සිටින ලෙස නියෝගයක් නිකුත් කිරීමටයි කැලිෆෝර්නියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පියවර ගෙන ඇත්තේ.

කැලිෆෝර්නියාවේ කොරෝනා ආසාදිතයින් සීඝ‍්‍රයෙන් ඉහළ යාම නැවැත්වීමේ අරමුණින්, ව්‍යාපාර ස`දහා ලිහිල් කළ සීමා යළි බලාත්මක කරන බව ද ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

(Neth)