Thursday, September 10, 2026
Follow Us
වතු කම්කරු ප්‍රජාව සදහා වසර 25කට පසුව හිග පාරිතෝෂික මුදල් ගෙවීම ඇරඹේයි
උඩරට තේ වතු ආශ්රිත කම්කරු ප්රජාව සදහා ගෙවිය යුතු නමුත් වසර 25ක් තිස්සේ නොගෙවන ලද හිග පාරිතෝෂික මුදල් ගෙවීමේ ජාතික වැඩසටහන මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද (10) ආරම්භ කෙරීණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ මැදිහත්වීමක් මත මෙම මුදල් ගෙවීම සිදුකරන බවත් ඒ සදහා 2026 සහ 2027 වර්ෂ සදහා රුපියල් බිලියන 11ක පමණ මුදලක් වෙන් කොට ඇතැයි කම්කරු අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පැවසුවේය.
වැවිලි සහ ප්රජා වතු යටිතල පහසුකම් අමාත්යංශයේ මැදිහත්වීම මත කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාව, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු තේ වතුවල සේවය කළ කම්කරුවන් වෙනුවෙන් මෙම හිග මුදල් ප්රදානය සිදු කෙරේ.
 
එහි පළමු අදියර යටතේ ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාවේ සේවය කළ ප්රතිලාභීන් 164ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්රතිලාභීන් 87ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කළ 52ක් වශයෙන් ප්රතිලාභීන් 303ක් සදහා මූල්ය චෙක්පත් ප්රදානය කිරීම මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී සිදුවිය.
වැවිලි සහ ප්රජා වතු යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති හිග පාරිතෝෂික මුදල් ගෙවීමේ සමාරම්භක උත්සවය සදහා කම්කරු අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු, ප්රජා වතු යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්, මහනුවර දිස්ත්රික් පාර්ලමේන්තු මන්ත්රීවරුන් වන ඊ.එම්.බස්නායක, නීතිඥ තුෂාරී ජයසිංහ, රියාස් ෆාරූක්, අමාත්යංශ ලේකම් ගුණදාස සමරසිංහ, මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්ම මහත්මීන් සහ වතු කම්කරු ප්රජාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ