Thursday, September 10, 2026
Follow Us
තවත් මෙට්‍රො ඩිපෝවක් අද ඒකල දී මෙහෙයුම් අරඹයි
මෙරට නාගරික පොදු ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී ඊයේ (09) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණ.
 
ඒ ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන අමාත්යවරයාගේ ප්රධානත්වයෙන්, කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගිත්වයෙනි.
මෙට්රො බස් ව්යාපෘතියේ මෙහෙයුම් හා පරිපාලන සේවා ආරම්භ කල මෙම ඒකක ඩිපෝව මූලික කර ගනිමින්, නව මෙට්රො බස් රථ 20 ක් ධාවනයට එක් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්රික්කයේ ඒකල සිට කොළඹ දිස්ත්රික්කයේ තලංගම දක්වා දිවෙන, මෙට්රො බස් මාර්ගය කිලෝ මීටර් 29.9 කි. මෙට්රො බස් නැවතුම් 21 ක් මෙම මාර්ගයේ ස්ථාපිත කර ඇත. ඒ අනුව තලංගම, බත්තරමුල්ල හන්දිය, සෙත්සිරිපාය, NAITA, රාජගිරිය, කාසල් රෝහල, බොරැල්ල 02 YMBA, කැම්බල් පාර්ක්, දෙමටගොඩ, පෑලියගොඩ (නව කැලණි පාලම), පෑලියගොඩ 02, හේකිත්ත හන්දිය, වත්තල, හැඳල, මාබෝල, මහබාගේ, කඳාන, වැලිගම්පිටිය, ජා-ඇල, CTB Junction සහ ඒකල යන මෙට්රො බස් නැවතුම් ස්ථාන 21 න් මගී ජනතාවට ගමනාගමනයට එක්විය හැකිය.
මෙට්රො බස් සේවාවේ නියමු ව්යාපෘතිය මාර්ග දෙකක ධාවන කටයුතු සමගින් ආරම්භ කෙරිණ. එම මාර්ග දෙකට අමතරව මේ වනවිට තවත් නව මෙට්රො මාර්ග පහක් ද හඳුන්වා දී ඇති අතර, සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග හතක මෙට්රො බස් සේවාව ක්රියාත්මක කිරීමට ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය, ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.