Saturday, May 04, 2024
Follow Us
සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් නව සභාපති එරන් රසල් ෙඩ්විසන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස එරන් රසල් ඬේවිසන් මහතා පත්කර ඇත. මෙතෙක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ සභාපතිධුරය දැරූ අශෝක් පතිරගේ මහතා මහ බැංකු නියාමනයට අනුව තනතුර දැරිය හැකි උපරිම කාල සීමාව වන වසර නවයක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා එම මහතා මෙසේ පත්කර තිබේ.

රසල් ඬේවිසන් මහතා ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි පළපුරුද්දක් සහිත වෘත්තිකයකු වන අතර, ජාත්‍යන්තර මූලය ආයතන රැසක විවිධ තනතුරු හොබවා තිබේ. සිංගප්පුරුවේ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ණය ප්‍රාග්ධන අංශයේ ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති ඒ මහතා හොං කොං Credit Suisse, දකුණු අප්‍රිකාවේ Standard Bank සහ ලන්ඩනයේ HypoVereinsbank යන ආයතනයන් හි ප්‍රාග්ධන වෙළෙඳ පොළ අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබේ.

(Dinamina)