Saturday, October 31, 2026
Follow Us
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ.

 

 
එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන, මහාචාර්ය ටී. ජයසිංගම් යන යන මහත්ම මහත්මීහු පත් කර ඇත.
 
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබේ.