Tuesday, May 07, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 7.8ක්

රුපියල ස්ථාවරයි මහ බැංකුව කියයි

පසුගිය ඔක්තෝබර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිතය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7.8කි. (අමෙරිකානු ඩොලර් මිලියන 7,783.6) සැප්තැම්බර් මාසයේ දී එය අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ බව මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. පසුගිය මස අවසානය වන විට විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 6,757ක් වූ අතර, ජා.මූ.අ. හි සංචිත ඩොලර් මිලියන 66ක් වී තිබිණි.

මහ බැංකුව සතු රන් සංචිත වටිනාකම මිලියන 952.2ක් වූ අතර, අනෙකුත් සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් මිලියනයක් විය. පෙර සතියට සාපේක්ෂව මේ සතිය තුළ විදේශිකයන් සතුව ඇති, බිල්පත් සහ බැඳුම්කර ප්‍රමාණය සියයට 1.67 කින් ඉහළ ගොස් තිබේ. පසුගිය දා (08) දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.0 කින් ස්ථාවරව තිබේ.

(Dinamina)