Tuesday, May 07, 2024
Follow Us
සම්පත් බැංකුව විශිෂ්ටත්වය යළි තහවුරු කරයි

ශ්‍රී ලාංකේය නව්‍යකරණ බැංකුකරණයේ පරමාදර්ශී ප්‍රමුඛයා වන සම්පත් බැංකුව ජාත්‍යන්තර මට්ටමේ සම්මානයන් 3කින් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට පසුගිය දා සමත් විය. සිය බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ Most Admired Companies 10 අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර වූ සම්පත් බැංකුව 2019 වසරේ හොඳම කාර්ය සාධනයක් සහිත බැංකුවක් ලෙස siness Today හි ඉහළම සමාගම් 30 අතරට එක් වන්නටද සමත් විය. ඊට අමතරව සම්පත් බැංකුව Most respected entities 10 අතරටද එක් වෙමින් 2019 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන අතුරින් එකක් ලෙස ද සම්මාන දිනා ගන්නා ලදි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධාන කරන ලද Most Admired Companies සඳහා ඩයලොග් විසින් සිදු කරන ලද මහජන සමීක්ෂණයක් පදනම් කර ගනිමින් අදාළ සමාගම්හි සේවකයන්, කොටස්කරුවන් හා තරගකාරී ආයතන මඟින් වඩාත් අගය කරන ලද සමාගම් 207ක් අතුරින් ඉහළින්ම අගය කරන ලද ආයතන 10ක් ජයග්‍රාහී ආයතන ලෙස තෝරා ගන්නා ලදි.

මේ සඳහා එම ආයතනයන්හි මූල්‍ය සහ ලාභදායීත්ව පදනම් පමණක් නොව ඒ ඒ ආයතනයන් මඟින් සිය කාර්ය මණ්ඩලය, කොටස්කරුවන්, ගනුදෙනුකරුවන්, ආයෝජකයන් හා පොදු මහජනතාව වෙත සිදුකරනු ලබන අගය එකතු කළ සේවාවන් ද සැලකිල්ලට ගෙන තිබීම විශේෂත්වයකි.

(Dinamina)