Tuesday, May 07, 2024
Follow Us
මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම වැඩි ප්‍රතිලාභ ඇති නම්‍යශීලී ගිණුමක්

සෑම වසරකම ඔක්තෝබර් 31වැනි දින ලෝක සකසුරුවම් දිනය ලෙස ලොව පුරා සමරනු ලබන්නේ ඉතිරි කිරීමේ වැදගත්කම කාටත් යළි යළිත් සිහිපත් කර දීම වැදගත් වන නිසාමය. ඉතිරි කිරීමෙන් නිසි ප‍්‍රයෝජන ලැබීමට නම්, ඔබේ ඉතිරියට හොඳම ප‍්‍රතිලාභ ලැබීම මෙන්ම, ඔබේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන ආකාරයේ නම්‍යශීලී සේවාවක් හිමිවීම ද අවශ්‍ය වේ. එම නිසා, ඉහළ ප‍්‍රතිලාභ ගෙනෙන නම්‍යශීලී ගිණුමක් ලෙස හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුම පිළිබඳ වැඩිදුර විස්තර ඔබ හමුවේ තැබීමට අපි කල්පනා කළෙමු. නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම යනු සෑම මසකම 60% ක් දක්වා බෝනස් පොලියක් ලබාදෙන සුවිශේෂී ඉතුරුම් ගිණුමකි.

මේ සඳහා අපත් සමඟ සංවාදයට එක්වූයේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති-ශාඛා ජාල ෂෙහාන් ඩැනියල් මහතාය.

නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම යනු කුමක්ද?

මේ ගිණුම විශේෂ ඉතුරුම් ගිණුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙය සෑම මාසයකම ගිණුමේ ශේෂය අනුව බෝනස් පොලියක් ඇතුළුව ප‍්‍රතිලාභ රාශියක් ලබාදෙනවා. ඒ වගේම මෙමගින් ගිණුම් හිමියාට නොමිලේ ජීවිත රක්ෂණයක් සහ බරපතළ රෝගාබාධ සඳහා රක්ෂණයක් හිමිවීම තවත් විශේෂත්වයක්.

නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුම හඳුන්වා දුන්නේ කවුරුන් ඉලක්ක කරගෙනද?

මෙය විශේෂයෙන්ම අනාගතය සඳහා කල්තබා ඉතිරි කරන අයට ඉතාමත් සුදුසුයි. දීර්ඝකාලීනව මෙමගින් ඉහළ ප‍්‍රතිලාභ ලබාගන්නට පුළුවන් නිසා, අනාගතයේ ඇති වන හදිසි මූල්‍ය අවශ්‍යතාවලදී ගිණුම් හිමියාට විශාල සහනයක් ලැබෙනවා.

නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ඉතුරුම් ගිණුමෙන් ලැබෙන ප‍්‍රධාන ප‍්‍රතිලාභ මොනවාද?

මෙමගින් ලැබෙන ප‍්‍රධාන වාසිය වන්නේ මූලික පොලියට අමතරව සෑම මාසයකම 60%ක් දක්වා බෝනස් පොලියක් ලබාගැනීමට හැකියාව තිබීමයි. උදාහරණයක් ලෙස, කිසියම් මාසයක ඔබට ලැබෙන පොලිය රු. 1000ක් නම්, ඔබ 60% ක බෝනස් පොලියක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා නම්, ඔබට පොලිය ලෙස රු. 1600ක් ලැබෙනවා. මේ ගිණුම සුවිශේෂී ගිණුමක් වන්නට මෙයම ප‍්‍රමාණවත් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

මෙය නම්‍යශීලී ගිණුමක් ලෙස හඳුන්වා තිබුණා. මොකක්ද මේ නම්‍යශීලී බව?

ඉහළ ප‍්‍රතිලාභ ලබාදෙන අනෙක් ගිණුම්වලට සාපේක්ෂව නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුම බෙහෙවින් නම්‍යශීලී ගිණුමක්. මාසයකට එක් මුදල් ආපසු ගැනීමක් සිදු කළ විටදී ද මාසිකව ලැබෙන පොලියට කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ.

ඒ වගේම නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුම් හිමියන්ට තම ගිණුමේ ශේෂය මත බැංකු අයිරා පහසුකම් ලබාගැනීමටත් හැකියාව තිබෙනවා. මෙය හදිසි අවස්ථාවකදී කෙනකුට ලැබෙන විශාල සහනයක්.

බෝනස් පොලිය ලබාගැනීම සඳහා ශේෂය පවත්වාගත යුත්තේ කොයි ආකාරයටද?

ශේෂයේ විවිධ මට්ටම් අනුව බෝනස් පොලී අනුපාතය වෙනස් වෙනවා. සරලව කියන්නේ නම්, රු. 10,000/- ට වැඩි ශේෂයන් සඳහා බෝනස් පොලිය ලබාගැනීමට පුළුවන්. 10,000/- දී එය 30% න් ආරම්භ වන අතර, රු. 250,000/- මට්ටමට ළඟා වූ පසුව සම්පූර්ණ 60% බෝනස් පොලියට හිමිකම් කීමට හැකියාව ලැබෙනවා.

නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

එය ඉතාම සරලයි. අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණ වලංගු ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කර, අදාළ අයදුම්පත පුරවා භාරදීම මගින් නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. ඒ සඳහා අවම තැන්පතුව වන්නේ රු. 2,000/- ක් පමණයි. ගිණුම විවෘත කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට සහායවීමට අපගේ පාරිභෝගික සේවා නියෝජිතයන් සූදානමින් සිටිනවා.

අවසන් වශයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද?

අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම වගේම ඒ ඉතුරුම් වෙනුවෙන් ඉහළ ප‍්‍රතිලාභ හිමිකර ගැනීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම බොහෝ දෙනකුට, අවශ්‍ය අවස්ථාවට තම මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව තිබීමත් වැදගත් වෙනවා. ඒ අනුව බලන විට කෙනකුට ඉතිරි කිරීම සම්බන්ධයෙන් අද දවසේ ඇති හොඳම විසඳුම වන්නේ නේෂන්ස් ට‍්‍රස්ට් මැක්ස් බෝනස් ගිණුමයි. එය සැබැවින්ම ඉහළ ප‍්‍රතිලාභ ලබාදෙන නම්‍යශීලී ගිණුමක් ලෙස හැඳින්වීමට පුළුවන්.

(Dinamina)