Tuesday, May 07, 2024
Follow Us
රට පුරා ගෑස් හිඟයෙන් බේකරි 800 ක් වසා දැමීමේ තත්ත්වයක්

රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන් මේවනවිට බේකරි 800 ක් පමණ වසා දැමීමට සිදුවන තත්ත්වයක් මතුව තිබෙනවා.

මෙරට ඇති බේකරි සංඛ්‍යාව 7,000 කට ආසන්නයි. ඉන් සියයට 10 කට වැඩි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගෑස් භාවිත කරන බේකරි වනවා. වසා දැමීමට සිදුව ඇති බේකරි සියල්ල සතුව දර පෝරණු නොමැති බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. බේකරි වැසීයාමේ අවධානම හේතුවෙන් බේකරි නිෂ්පාදන වෙළඳපලට පැමිණීමේ අඩුවක් ද ඇති බවයි එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ.

ගෑස් හිඟය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සුළු පරිමාණයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන බේකරිවලට බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් ආණ්ඩුව පවසන්නේ මෙම සතියේ සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට අදාළ සමාගම් සහතිකයක් ලබාදුන් බවයි. වෙළඳපලට නිකුත් කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර සංඛ්‍යාව වැඩිකිරීමටයි ගෑස් සමාගම් ද තීරණය කර ඇත්තේ. ගෑස් රැගත් නෞකා 02 ක් මෙරටට පැමිණ ඇති අතර ගෑස් මෙටි‍්‍රක් ටොන් 12,000 ක් කඩිනමින් මිලදී ගැනීමට ද තීරණය කර තිබෙනවා.

(Neth)