Tuesday, May 07, 2024
Follow Us
ක්‍රිස්බ්‍රෝ බඩ ඉරිගු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කුකුළු ආහාර සඳහා ප්‍රධානතම භෝගය වන බඩ ඉරිඟු වගා කිරීම සඳහා යොමුව සිටී. දැනට මහියංගණය, මොණරාගල ගල්ගමුව යන ප්‍රදේශයන්හි බඩ ඉරිගු වගාව අරඹා ඇති අතර, ඌව සහ උතුරුමැද පළාතේ ගොවිමහතුන්ගෙන් මිල දී ගන්නා බඩ ඉරිඟු සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වාර්ෂිකව ආයෝජනය කරනු ලබයි.

වඩාත් සංවිධිත ලෙස බඩ ඉරිඟු වගාවට යොමු වී ඇති ක්‍රිස්බ්‍රෝ සමාගම නව වගා තාක්ෂණයන්, පැළ සිටුවීමේ සිට පාංශු ජල කළමනාකරණය, පොහොර යෙදීම, අස්වනු නෙළීම සහ පසු අස්වනු සංරක්ෂණය සඳහා යුරෝපීය මහා පරිමාණයේ බඩ ඉරිගු නිෂ්පාදකයන් විසින් භාවිත කරනු ලබන තාක්ෂණය සහ උපාංගයන් භාවිතයට ගෙන ඇත. නිදසුනක් ලෙස වගාවට ජලය යෙදීම සඳහා භෝග වාරි ක්‍රියාවලිය සඳහා ක්‍රිස්බ්‍රෝ නවතම ජල විදිනයන් (rain guns) භාවිත කරනු ලබයි. මේ අධි පීඩන ජල විදිනයන් මඟින් ඉහළ නමුත් පාලනය කළ හැකි ජල ප්‍රමාණයක් මුදා හරින අතර, වර්ෂාව හා සමාන ජල පෝෂණයක් ඉන් ලැබේ. මෙමගින් ඉතා සරු අස්වැන්නක් ලබා ගත හැකි අතර, වර්ෂාපතනය අඩුවීමෙන් ඇති කරන බලපෑමද මින් වැළකෙයි.

(Dinamina)