Tuesday, May 07, 2024
Follow Us
බදු වාර්තා පිරවීමට උපදෙස්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ අවසාන මහා සම්මන්ත්‍රණය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතාගේ උපදෙස් පරිදි, දේශීය ආදායම් මහරගම බටහිර හා නැඟෙනහිර කාර්යාල විසින් සංවිධාන කළ සම්මන්ත්‍රණය දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (29) හෝමාගම පිටිපන අමල්යා රීච් හෝටලයේ දී පැවැත්විණ.

එහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා සඳහන් කළේ මෙවැනි වැඩසටහන් දෙපාර්තමේන්තුව හා බදු ගෙවන්නන් අතර පවතින සුහදතාව තව තවත් වර්ධනයට හේතුවන බවත් එසේම ඇස්තමේන්තු වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාර්තා භාර නොදීම මත අවමය රු 50,000 සහ උපරිමය රු.400,000 දණ්ඩනයකට යටත් වන බව ප්‍රකාශ කරන ලදි.

නිසි කලට වාර්තා බාර දීම් හා ගෙවීම් සිදු කිරීම මගින් මේ ගැටලු අවම කර ගන්නා ලෙස දැනුවත් කරන ලදි. මෙහිදී බදු ගෙවන්නන් ඉදිරිපත් කළ ගැටලුවලට නිවැරැදි හා සාධාරණ පිළිතුරු ලබා දෙමින් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ සම්මන්ත්‍රණය පැවැත් වූ අතර, බදු ගෙවන්නන් 650කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූහ. කලාප භාර ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ජූඩ් දේවප්‍රිය මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගිවූහ.

(Dinamina)