Thursday, May 02, 2024
Follow Us
අස්ථායි ඉගුරු වෙළෙද පළට ස්ථාවරභාවයක්
.සාමාන්යයෙන් වසර පහකට වරක් ලාංකික ඉගුරු ගොවියා උපරිම ලාභයක් ලබා ගනී. ඊට හේතුව වසර පහකට වරක් අසාමාන්ය ලෙස ඉගුරු මිල ඉහළ යෑමයි. 2023 යල කන්නයේ ඉගුරු අස්වැන්න
සමහර ප්රදේශ වල දී කිලෝ ග්රෑමය රුපියල් 2,000ට ද අලෙවි වූයේ ඒ අන්දමෙනි.

 මෙලෙස ඉගුරු මිල ඉහළ ගිය විට ඊලග කන්නයේ දී ඉගුරු වගා කිරීමට ගොවියෝ ආකර්ශනයවීම තාර්කික ය. එහෙත් මිල ඉහළ යෑමෙන් ලැබිය හැකි වාසිය ගන්නට ගොවීන් විශාල පිරිසක් ඉගුරු වැවීමෙන් සිදුවන්නේ වෙළෙදපළේ සැපයුම ඉහළ ගොස් මිල පහළ යෑමයි. එවිට අප්රසාදයට පත්වන ගොවීහු ඉගුරු වගාවෙන් ක්රමයෙන් ඉවත් වෙති. එවිට වෙළෙද පළේ සැපයුම අඩු වී නැවත මිල ඉහළ යයි.

 
වසර පහකට වරක් සිදුවන මේ මිල උච්ඡාවචන චක්රය හදුනා ගන්නේ නම් ඉගුරු නිෂ්පාදනයේ මෙන්ම වෙළෙද පළේ ද තුලනයක් ඇතිකර ගැනීමට හැකිවන්නේ ය. එවිට අසාමාන්ය මිල උච්ඡාවචනයකට මුහුණ දෙන්නට ගොවීන්ට සිදු නොවන්නේ ය. එහෙත් අවාසනාවකට ඉගුරු වගා කරන්නට පෙළඹෙන්නේ වෘත්තීය ගොවිහු නොවේ. එනිසා ඔවුන්ට වෙළෙද පළ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැත. ඔවුන් ප්රතිචාර දක්වන්නේ මිල සම්බන්ධයෙන් පමණි.
 
රැකියා කරන හෝ වෙනත් බෝග වගා කරන හෝ ඉගුරු වගා කිරීමට යොමුවන්නේ අමතර මුදලක් උපයා ගැනීමට ය. ඒ සදහා ඔවුන් පෙළඹෙන්නේ වෙළෙද පළේ ඉගුරු වලට ඉහළ මිලක් ලැබෙන විට ය. මිල අවමයට පහළ බසින විට ඉගුරු වවන්නේ සම්ප්රදායික ඉගුරු ගොවීහු පමණි.
 
මේ තත්ත්වය වෙළෙද පළ ඒකාග්රතාවක් නිර්මාණය කර ගැනීමට ද බාධාවක් වී තිබේ. වෘත්තීය ගොවීන් පිරිසක් ඉගුරු වගා කරන්නේ නම් ඉගුරු මිල දී ගන්නා සමාගම් සමග වෙළෙද ගිවිසුම් ඇති කර ගත හැකිය. එවිට නිශ්චිත මිලක් ගොවීන්ට ලැබේ. නමුත් දැනට එසේ ගිවිසුම් අත්සන් කරන්නේ නිෂ්පාදනයෙන් සීමිත ප්රමාණයකට පමණි. කෑගල්ල දිස්ත්රික්කයේ ඉගුරු ගොවීන් ඒ අන්දමින් ගිවිසුම් අත්සන් කර සමාගම් වලට ඉගුරු සපයන ප්රවනතාවක් දක්නට ඇත.
 
ඉගුරු මිල දී ගන්නා සමාගම් වලට ඉගුරු ආශ්රිත තම නිෂ්පාදන සදහා අවශ්ය තොගය එකවර මිල දී ගැනීමට නොමැත. ගොවීන් සතුව ඇත්තේ කුඩා තොග ප්රමාණයන් ය. එනිසා එවැනි කුඩා සැපැයුම් වලින් තමන්ට අවශ්ය විශාල ඉගුරු තොග එකතු කර ගැනීමට ඔවුහු නොපෙළඹේ. ඔවුන්ට අවශ්ය වන්නේ විශාල තොග එකවර එක ස්ථානයකින් මිලට ගැනීමට ය. එනිසා ඔවුන් පෙළඹෙන්නේ තොග වශයෙන් ආනයනය කර අවශ්ය ප්රමාණයන් ලබා ගැනීමට ය. එය ඔවුන්ට පහසු ය.
 
ඉගුරු කුඩා ඉඩම් ඒකකයන්වල වගා කිරීමත් එවැනි ගොවීන්ගේ සම්බන්ධීකරණයක් නොමැති නිසාත් ඉගුරු වෙළෙද පළ තුළ ඇත්තේ අස්ථාවරභාවයකි. ඊට පිළියමක් වශයෙන් කළ යුත්තේ ඉගුරු ගොවීන් ඒකාබද්ධවීම හෝ මහා පරිමාණයෙන් ඉගුරු වගා කිරීමට හෝ පෙළඹීම ය. එවිට අමු ඉගුරු මිල දී ගන්නා සමාගම්වලට නිෂ්පාදකයන් සමග සම්බන්ධීකරණයක් හා සහයෝගයක් ඇති කර ගත හැකිය. එය ඉගුරු වෙළෙද පළේ ස්ථාවරභාවයට බලපාන්නකි.
 
අමු ඉගුරු කිලෝග්රෑමයක මිල රුපියල් තුන්සියයක අගයක තිබුණත් ගොවීන් පවසන්නේ ඉගුරු වැවීම පාඩු බව ය. ඊට හේතුව පෘතග්ජනයන් වශයෙන් අධික ලාභයක් ලැබීමට ගොවීන් තුළ ඇති උනන්දුවයි. නමුත් අමු ඉගුරු කිලෝග්රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 150ක් පමණ වේ. එවිට කිලෝග්රෑමයක මිල රුපියල් තුන්සීය කියන්නේ හොද මිලකි.එහෙත් අධික ලාභයක් නොලැබී ගිය විට ගොවීන් ඉගුරු වැවීමෙන් ඉවත් වේ. එවිට ස්ථාවර ඉගුරු සැපයුමක් පවත්වාගෙන යෑම අපහසු වේ.
 
දේශීය ඉගුරු සැපයුම තෘප්ත කිරීම සදහා දැනට ඉගුරු වගා කරන්නේ යල කන්නයේ දී පමණි. එවිට අප්රියෙල්,මැයි හා ජුනි කාලයන්වල ඉගුරු මිල ඉහළ යන්නේ සැපයුමක් නොමැති බැවිනි. එහෙත් මහ කන්නයේ සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවල ද ඉගුරු වගා කරන්නේ නම් ඒවා ඊලග වසරේ මැයි, ජුනි මාසයන්වල දී අස්වැන්න වශයෙන් නෙලා ඉහළ මිලක් ලබා ගත හැකිය. මහ කන්නයේ ද ඉගුරු වගා කර සාර්ථක අස්වැන්නක් ලැබිය හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී තිබේ.
 
ලාංකික ඉගුරු සදහා විදේශ වෙළෙද පළේ පවතින බාධාව වන්නේ ඉහළ නිෂ්පාදන වියදමක් පැවතීමයි. නිෂ්පාදන වියදම අඩුකරගෙන එකතු කළ වටිනාකමට ඉගුරු නිෂ්පාදනය කරන්නේ නම් විදේශ වෙළෙද පළ සදහා ප්රවේශවීමට ඇති හැකියාව වැඩිය. ඒ සදහා ද මහ පරිමාණයෙන් ඉගුරු වගා කිරීම අත්යවශ්ය කරුණකි.
 

-අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව