Friday, February 06, 2026
Follow Us
ඉන්දියාවේ නීති, ලංකාවේ ලූනු තුට්ටු දෙකට බස්සයි

බී ලූනු ආනයනය කිරීමට අදාළව ඉන්දියාව නව නීති ගෙන ඒමත් සමග මෙරට බී ලූනු වෙළෙන්දන් ගොවියන්ගේ අස්වැන්න තුට්ටු දෙකට මිලදී ගැනීමට කූඨ වෙළෙන්දන් සැලසුම් කර තිබේ.

ඒ අනුව පසුගිය සති අන්තයේ සිට ඉන්දියාවෙන් බී ලූනු ආනයනය කිරීමේදී මෙට්‍රික්ටොන් එකක් ඩොලර් අටසිය පනහකට අලෙවි කරන ලෙසටත්, ණයවර ලිපි මගින් පමණක් අලෙවි කරන ලෙසටත් එරට වෙළෙඳ අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම තත්ත්වය මත මෙරටට බීලූනු කිලෝ ග්‍රෑමයක් ආනයනය කිරීමේදී කිලෝ ග්‍රෑමයක් රුපියල් දෙසිය විස්සක මිලක් වැය වේ.

මේ හේතුවෙන් දැනට දඹුල්ල, ආදී ප්‍රදේශවල යල කන්නයේ බීලූනු අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති නිසා එම අස්වැන්න අඩුමිලට ගැනීමට කූඨ වෙළෙඳුන් කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

(Aruna)