Wednesday, September 17, 2025
Follow Us
ෆිච් රේටිංග්ස් වසර 2ක් තුළ 5 වතාවක් ශ්‍රී ලංකාව පහළ දමයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සැබෑ තත්ත්වය


ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වල ගතවූ වසර 7 ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත.

මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි.

කෙසේ වෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන යාමට මෙම වකවානුව තුළ දී සමත්ව ඇත.

2022 අප්‍රේල් 18 වන දිනට ගෙවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කූපන් ගෙවීමක් සඳහා ලැබී තිබුණු මාසයක සහන කාලයක් අවසන් වූ වහාම 2022 මැයි 19 වන දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය RD දක්වා පහත හෙළීමට ෆිච් රේටිංග්ස් කටයුතු කරනු ලැබීය.

publicfinance.lk වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

Aruna