Sunday, January 11, 2026
Follow Us
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල දහස පනී

ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් කළ සොයාබැලීමකදී දැක ගැනීමට හැකිවූයේ මෙම මාසයේ පස්වන දින නිෂ්පාදිත දිනය සඳහන් කිරිපිටි පැකට්ටුවල වැඩිවූ මෙම මිල ගණන් සඳහන්ව ඇති බවයි. මීට පෙර ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක් අලෙවි වුණේ රුපියල් 790 කටයි.

මේ අතර කිලෝ එකක කිරි පිටි පැකට්ටුවක මිලද රුපියල් 2,545 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් අලෙවි වූයේ රුපියල් 1,870 කටයි.

(Neth)