Wednesday, September 17, 2025
Follow Us
ඩොලර් රටට රැගෙන ආ හැකි ක්‍රමයක් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාව තුළ මේවනවිට පවතින ලියාපදිංචි නොකළ වාහන ප්‍රතිඅපනයනය කිරීම මගින් මෙරටට විදේශ විනිමය කඩිනමින් උපයාගත හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ රජය විසින් වාහන ආනයනය තහනම් කර තිබුණ ද, විවිධ ක්‍රම හරහා 2021 වසරේ අවසන් භාගය තෙක්ම මෙරටට වාහන ආනයනය කර ඇති බවයි.

මෙලෙස වාහන ප්‍රතිඅපනයනය කිරීම සඳහා රජය විශේෂ මැදිහත්වීමක් සිදුකළ යුතු බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළා.

රට තුළ මේවනවිට පවතින භාවිත කළ හැකි විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් දක්වා පහත වැටී ඇති බවයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

(Neth)