Sunday, January 11, 2026
Follow Us
2021 ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව


2021 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ ඒ බව සදහන් වේ.

රාජ්‍ය ආයතනවලින් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට අයවියයුතු හිග ණය මුදල 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 161.1 දක්වා ඉහල ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය හේතුවෙන් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් බිලියන 33.2ක විනිමය අනුපාත විචල්‍යතා අලාභයක් ඇතිවි තිබේ.

(Aruna)