Sunday, January 11, 2026
Follow Us
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් දිළිදු ජනතාව වෙනුවෙන් ලබන මස සිට සහනාධාර ක්‍රමයක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින දිළිදු ජනතාවට සහනයක් ලබාදීම සඳහා සමාජ සහනාධාර ක්‍රමයක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව හදිසි අවශ්‍යතා අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

(Neth)