Thursday, May 14, 2026
Follow Us
අද ඩොලරය ගිය උඩ

ජාත්‍යන්තර බැංකුවක ඩොලරය රු.355ක් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(26) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

එසේම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 333.88ක් ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 348 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මේ අතර මෙරට මෙහෙයුම්වල නිරත ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 355 ක් ලෙසින් දක්වා තිබේ.

*ලංකා බැංකුව – රු. 348.00

*මහජන බැංකුව – රු. 344.99

*සම්පත් බැංකුව – රු. 348.00

*සෙලාන් බැංකුව – රු. 348.00

*DFCC – රු. 337.00

*HNB – රු. 348.00

*NDB – රු. 345.00

*අමානා බැංකුව – රු. 350.00

*ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – රු. 355.00

(Aruna)