Friday, January 09, 2026
Follow Us
රන් මිල ඉහළට

කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක්


ලෝක වෙළෙදපළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල මේ වන විට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,945 ක් ලෙසයි.

මේ අතර ඉන්දියාවේ ද රත්‍රං මිල කැපීපෙනන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ, ඉන්දියාවේ විවාහ උත්සව සමය ආරම්භවීමත් සමගයි.

මේ අතර ශ්‍රී ලංකාවේ රන් වෙළෙදපොළේ රත්‍රං මිල පහළයාමක් දක්නට ලැබේ.

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 180,000 ක් ලෙසින් සටහන්ව ඇති බවයි.

(Aruna)