Thursday, February 12, 2026
Follow Us
ලොකු ලූනු ආනයන බද්ද රු 20/=කින් ඉහළට

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.


ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තැබීය.