Thursday, April 09, 2026
Follow Us

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (08) ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම වෛද්‍ය නිලධාරීන් 2026.04.09 දින සිට 2026.04.11 දින දක්වා තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බව ද  එම අමාත්‍යාංශය නවක වෛද්‍ය නිලධාරීන්ට  දන්වා ඇත.

මෙම නවක වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් විනිවිදභාවයකින්, විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින්  අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.