Wednesday, April 08, 2026
Follow Us
කුවේට් එයාවේස් ගුවන්සේවය කොළඹ දක්වා ගුවන් ගමන් නැවතත් ආරම්භ කරයි.

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් 2026 පෙබරවාරි 28 දින සිට කුවේට් එයාවේස් ගුවන් සමාගමේ ‍මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කෙරිණි.

ඉන්පසු 2026 මාර්තු 02 දින සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කළ ද ඒ වන විට ද තිබූ අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සිදු නොවීය. එහෙත් එම තත්ත්වය යටතේ 2026 මාර්තු 31 දින මඟීන් 241ක් රැගත් විශේෂ ගුවන් යානාවක් ‍ කුවේට් සිට කොළඹ බණ්ඩාරණායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.


මේ වන විට ඇති වී තිබෙන යුධමය වාතාවරණය සළකා බලමින් නැවත කුවේට් එයාවේස් ගුවන් සමාගම කොළඹ දක්වා වූ සිය ගුවන් මෙහෙයුම් 2026 අප්‍රේල් 15 දින සිට ආරම්භ කිරීමට නිල වශයෙන් තීරණය කර ඇත.

තවද ශ්‍රී ලංකාව හා කුවේට් රාජ්‍යය අතර ගුවන් සම්බන්ධතාවය ශක්තිමත් වෙමින් සංචාරක සේවා අවශ්‍යතාවය ද සපුරාලීමට අවස්ථාව උදා වේ.
නවතම ගුවන් ගමන් කාලසටහන සහිතව කුවේට් එයාවේස් ගුවන් සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.