Wednesday, April 08, 2026
Follow Us
ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් පත් කරනවා- ට්‍රම්ප්

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙන බව වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.  

මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. 

එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.

මෙය දෙපාර්ශවයටම බලපාන "දෙපාර්ශවික සටන් විරාමයක්" (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත. 

මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටද අබ්බාස් අරග්චි  වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ