Sunday, January 11, 2026
Follow Us
ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වැඩිවීමක්
මේ වනවිට රට තුළ ප්රදේශ රැසක ඩෙංගු රෝගය ව්යාප්තියේ වැඩිවීමක් වාර්තා වේ.

 

පසුගිය දින දහය තුළ ඩෙංගු රෝගීන් 2,420ක් මෙරටින් වාර්තාවී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
 
ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් පසුගිය දින දහය තුළ ඩෙංගු රෝගීන් 1317ක් වාර්තා වී තිබේ.
 
එය සමස්ත රෝගීන් සංඛ්යාවෙන් 54%. මීළඟ වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වන්නේ දකුණු පළතෙන්.
 
එමෙන්ම මධ්යම හා සබරගමුව පළාත්වලද ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවිමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙයි.