Friday, October 17, 2025
Follow Us
මාතර දිස්ත්‍රික්කයේ QR කේතය මගින් තේ පොහොර සහනාධාරය ලබාදීමේ පළමු වැඩසටහන පිටබැද්දර දී
මාතර දිස්ත්රික්කයේ QR කේතය මගින් තේ පොහොර සහනාධාරය ලබාදීමේ පළමු වැඩසටහන මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලාල් ප්රේමනාත් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පිටබැද්දර නගරයේ දී පැවැත්විණි.

 

මේ නව ක්රමය හේතුවෙන් ලැබිය යුතු පොහොර ප්රමාණය සහ සහනාධාරය කිසිදු ප්රමාදයකින් තොරව නිවැරදිව ලැබෙන බවට සහතික වීම, කැමති බලයලත් පොහොර සමාගමකින් QR කේතය හරහා පහසුවෙන්, නියමිත ප්රමිතියේ පොහොර ලබා ගැනීමේ හැකියාව, ලිපි ලේඛන රැගෙන රස්තියාදු වීමට අවශ්ය නොවන නිසා සියල්ල ක්ෂණිකව, තාක්ෂණය හරහා සිදුවන බැවින් කාලය ඉතිරි වීම ආදී වාසි රැසක් හිමි වේ.
 
මේ වන විට රජය මගින් තේ පොහොර සහනාධාරය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,400 (රුපියල් බිලියන 2.4) කි.
 
ඒ අනුව කුඩා හා මධ්ය පරිමාණ තේ වතු හිමියන් සඳහා කිලෝග්රෑම් 50 ක පොහොර මිටියක් සඳහා රුපියල් 4,000 ක සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.