Wednesday, January 22, 2025
Follow Us
රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

මෙවර රජය වී මිළදී ගැනීමේ ක්‍රියාවලියේදී රජය සහතික කරන වී මිළට රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ලබා දෙන බවට ගොවි නායකයින් එකඟතාවය පළ කළ බව  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ , පසුගියදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශවණාගාරයේ දී වී ගොවි නායකයින් සහ වී මෝල් හිමියන් හමු වූ අවස්ථාවේදී ය.

විශේෂයෙන්ම වී කිලෝ එකක නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර ගොවින්ට සාධාරණ වී මිළක් ලබා දෙන බවත් එය ඉතිහාසයේදි නොවුනු දෙයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ගොවියා අදාළ තෙත බව ඉවත් කර ගබඩාවට වී ගෙන ආ විට වී කිලෝ එකකට අමතරව රුපියල් දෙකක මුදලක් ගෙවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.