Friday, March 29, 2024
Follow Us
දේදුණු පැහැයයි හැඩ මල් ගවුමයි

 ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ කලාව හඳුන්වා දුන් ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී ගීතා ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් කරන සුවිශේෂි පතොරම්

ඔබේ ආදරණීය චූටි දෝණි හැඩට ලස්සනට ඉන්නවා දකින්න ආදරණීය අම්මෙක් වන ඔබ කැමති ඇති. මේ වර්ණවත් රෙදි කැබැල්ලකින් මසා ගත් අපූරු ගවුමකි.

 

අවශ්‍ය මිමි

උස අඟල් 10/30

උරහිස අඟල් 12

පපු වට අඟල් 24

ඉණ වට අඟල් 22

කර වට අඟල් 12

කර ගැඹුර අඟල් 5

 

මේ ගවුමේ සාය කොටස උසින් දිග අඩු කර මසා ගන්නේ නම් ගෙදරට වුව ඇඳිය හැකියි. අප මේ ඉදිරිපත් කර ඇති මිමි අවුරුදු 12ක් පමණ වයසැති දියණියකට සරිලන මිමිය. මෙම ගවුම ඉදිරිපස විවර නොකර ඇති බැවින් අපි බලමු මුලින් කඳ කොටස කපා ගන්නා ආකාරය. පළමුව රෙදි කැබැල්ලක් ගෙන දෙකට නමා ගන්න. එය රෙද්දේ නැම්ම වේ. ( ඉදිරිපස සටහන ගැන බලන්න) එහි උස කෙළින් රේඛාවක් ඇඳ එහි උරහිස දෙකට බෙදා මැහුම් වාසි අඟල් 1/2ක් එකතු කර (අඟල් 12/2 = 6 + 1/2 = අඟල් 6 1/2) එහි ලකුණු කරන්න. එතැන් සිට අඟල් 1 1/2 පහත් කර නැවත උරහිස් රේඛාව පහත් කර ඇඳ එහි උරහිස දිග නැවත ලකුණු කරගන්න.

 

එම උරහිස් රේඛාව දිගේ අඟල් 2ක් පමණ ඇතුළතින් පහතට ඉණ උසට අඟල් 1ක් වැඩිපුර එකතු කර පහතට ලකුණු කර ඉණ රේඛාව ඇඳගන්න. ඉන්පසු කිහිලි කට පහත් කරන රැගල් රේඛාව පපුව වට හතරෙන් බෙදා (අඟල් 24/4 = අඟල් 6) එන මිම්ම නැම්ම රේඛාව දිගේ පහතට ලකුණු කර රේඛාව ඇඳගන්න. එය රැගල් රේඛාව වේ. රැගල් දිග පපුවට අඟල් 8ක් එකතු කර හතරෙන් බෙදා අඟල් එකක් අඩු කර ලකුණු කරගන්න. එනම් අඟල් 24 + 8 = අඟල් 32/4 = 8-1 = අඟල් 7 ඉණ දිග ඉණ වට හතරෙන් බෙදා අඟල් එකක් එකතු කර ලකුණු කරගන්න. රැගල් දිග, ඉණ දිග යා කරගන්න. උරහිස් කොනත් රැගල් රේඛාව අතර හරි මැද ගෙන එහි මැද උරහිස දිගෙන් අඟල් 1/2 අඩු කර ලකුණු කර එම ලක්ෂ්‍ය දෙක යා කර කිහිලි කට හැඩ රේඛාව ඇඳගන්න. කර වට හතරෙන් බෙදා එයින් අඟල් එකක් අඩු කර හරස් මිම්ම ලකුණු කරගන්න. එය කරේ හරස් මිම්ම වේ. එතැන් සිට පහතට කර ගැඹුර අඟල් 5 ලකුණු කර කොටු කර ඇඳගන්න. එම කරේ හරස් මිම්මේ සිට අඟල් එකක් ඈත් කර අඟල් 1 1/4ක් එතැන් සිට පළල ලකුණු කරගන්න. කිහිලි කටේ සිට අඟල් එකක් පහත් කර රූප සටහනේ පෙනෙන ආකාරයට උරහිස් පටිය ලකුණු කරගන්න.

 

පිටුපස කැපීම

එයට ද රෙද්දේ නැම්ම ගෙන කපාගත් ඉදිරිපස ඒ මත තබන්න. රූප සටහනේ පෙනෙන ආකාරයට පිටුපස උර පටිය හැඩ කර ඇඳගන්න.

 

සාය පටි රැලි කර ගැනීමට

ඉදිරිපස ඉණ දිග මැන ගන්න. එයට ඉණ දිග අඟල් 13 යැයි සිතමු. සාය සම්පූර්ණ උසින් අඟල් තිහක් අඩු කරගන්න.

 

අඟල් 30 - අඟල් 10 = අඟල් 20 සාය උස ලෙස ගන්න. එය කොටස් හතරක් අවශ්‍යයි. එය හතරෙන් බෙදාගන්න. අඟල් 20/4 = අඟල් 5 එයට මැහුම් වාසි අඟල් 1ක් එකතු කර අඟල් 6 වශයෙන් ගන්න. එක පටියක් පළල පටි ආකාරයට පෙනෙන සටහන කොටස ඒ ආකාරයට පටි තීරු කපාගන්න. එම ප්‍රමාණයට අඟල් 6 හෝ අඟල් 10ක් එකතු කරගන්න. රැලි අඩුවෙන් හා වැඩියෙන් එම ප්‍රමාණයට එකතු කර නූලේ රැළි කර එක එක පලුවට රැලි කර මූට්ටු කරගන්න. (මෙය රූපයේ පෙනෙන ආකාරයෙන් පාට රෙදිවලින්ද කපා ගත හැක.) මේ ආකාරයට ඉදිරිපස සහ පිටුපස පලු දෙකක් අවශ්‍ය වේ. එයට පසු ඉදිරිපස සහ පිටුපස රැලි කර වෙන වෙනම අල්ලා ගන්න. පසුව අංශය මූට්ටු කරගන්න. කර උරපටිවලට පයිපින් එකක් අල්ලා ගන්න. රූපයේ පෙනෙන ආකාරයට නිම කරගන්න. (අවශ්‍ය නම් උරපටිවලට රැලි කර පටියක් අල්ලා ගන්න. මෙම ඇඳුම කොටට සාමාන්‍ය ගවුමක් ආකාරයට ද සකස් කරගත හැක. උස අඩු කර තට්ටු 2ක් වන සේ දමන්න.

 

 

උපදෙස්-
ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම්
රහිත ඇඳුම් මැසීමේ කලාව
හඳුන්වා දුන් ප්‍රවීණ ඇඳුම්
නිර්මාණ ශිල්පිනී
ගීතා ද සිල්වා

Tharunie