Saturday, April 20, 2024
Follow Us
මාංස කල්‍යාණයෙන් පිරිපුන් ඔබේ රුව

පංචකල්‍යාණයෙන් හෙබි යුවතිය රූපසම්පත්තිය අතින් ඉතාම ඉහළින් සිටියි. ආයුර්වේද රූපලාවණ්‍ය ඔස්සේ ලස්සනවන්නට සිතන ඔබ මාංස කල්‍යාණය පිළිබඳ ද සැලකිලිමත් විය යුතුවේ.

මාංස කල්‍යාණය යනුවෙන් අදහස් වන්නේ උසට සරිලන මහතින් යුත් සිරුරකින් යුතු වීම. පුද්ගලයකුගේ බර ප්‍රමාණය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා උස අනුව නියමිත ප්‍රමාණයකට තිබිය යුතුය. මෙම ප්‍රමාණය ඉක්මවා යෑම අධික තරබාරු බව ලෙස හැඳින්වේ. මේදය හෙවත් මේසෝ ධාතුව ශරීරය තුළ වර්ධනය වීමෙන් හා එක් රැස් වීමෙන් හට ගන්නා අධික තරබාරු බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී අධි ස්ථූලතාවය නමින් හැඳින්වේ.

පුද්ගලයකුගේ තරබාරු බව සඳහා බලපාන සාධක

ආහාර රටාව

අධික කැලරි ප්‍රමාණයකින් යුතු ආහාර පිෂ්ටය හා මේදය බහුල ආහාර සෙම වඩවන ආහාර නිතර ගැනීමෙන් හා ප්‍රමාණය ඉක්මවා පැණි රස කෑම ගැනීම හා අක්‍රමවත් අයුරින් ආහාර ගැනීමද අධික තරබාරු බවට හේතු සාධකයක් වේ.

ව්‍යායාම

එදිනෙදා අවශ්‍යතාවයට වඩා අප අනුභව කරන ආහාරවලින් වැඩි කොටස මේදය වශයෙන් සමට යටින් අනාගත අවශ්‍යතාවයන් සඳහා තැන්පත් වී පවතී. වැඩිපුර ශක්තිය වැයවන කාර්යයන්හිදී හා ව්‍යායාම කිරීමෙන් තැන්පත් වූ මේද කොටස් දහනය වේ. එසේ නොවුණහොත් එම මේදය තව තවත් වර්ධනය වී අධික තරබාරු බව ඇති වේ.

ජීවන පුරුදු

නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීමත්, රාත්‍රි කාලයේ දී නිදි වැරීම, දීර්ඝ කාලයක් හිඳගෙන සිටීමත්, මත්පැන් පානය තරබාරු බව වැඩිවීමට හේතුවේ.

දීර්ඝ කාලීනව ඖෂධ භාවිතය

සමහර බටහිර ඖෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ද තරබාරු බව වර්ධනය වේ. උපත් පාලන පෙති භාවිත කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ද තරබාරු බව ඇති විය හැකියි.

රෝග තත්ත්ව

තයිරොයිඩ් වැනි රෝගාබාධ තත්ත්වයන් තුළින් ද තරබාරු බව වර්ධනය වේ.

ප්‍රවේණිය හෙවත් වීම හෙවත් මවුපියන්ගේ ජානමය බලපෑම

මානසික ආතතිය

මානසික ආතතිය දී සිදුවන්නේ කෝටිසෝල් නැමැති හෝමෝනය ශීඝ්‍රව වීමයි. මෙම කෝටිසෝල් හෝමෝනය අපගේ ආහාර රුචිය වර්ධනය කරන බැවින් එය අධික තරබාරු බවට හේතුවක් වෙයි. උසට සරිලන ලෙස බර පවත්වාගෙන යෑමෙන් එම පුද්ගලයා නිරෝගී වේ. වේ. ඒ නිසා සෑම විටම උසට සරිලන ලෙස ශරීරයෙ බර පවත්වා ගැනීමට වැඩිහිටි පුද්ගලයකු සිතට ගත යුතුය.

* අඩි 5 ක් උස පිරිමි අයෙකුගේ කිලෝ ග්‍රෑම් 61 ක්

* අඩි 5 අඟල් 1 ක් උස පිරිමි අයකුගේ බර කිලෝග්‍රෑම් 63 ක්

* අඩි 5 අඟල් 2 ක් උස පිරිමි අයකුගේ බර කිලෝග්‍රෑම් 65 ක් විය යුතුයි.

මෙසේ වැඩි වන සෑම අඟලකම බර කිලෝග්‍රෑම් දෙක බැගින් වැඩි විය යුතුය.

* අඩි 4 යි 11 ක් උස පිරිමියකුගේ බර කිලෝ ග්‍රෑම් 58 ක්

* අඩි 4 යි අඟල් 10 ක් උස පිරිමියෙකුගේ බර කිලෝග්‍රෑම් 56 ක් තිබිය යුතුයි.

මෙසේ අඩු වන සෑම අඟලකටම කිලෝග්‍රෑම් 2 බැගින් අඩු විය යුතුයි.

කාන්තාවන්ගේ උසට සරිලන බර

* අඩි 5 ක් උස කාන්තාවකගේ බර කිලෝග්‍රෑම් 58 ක්

* අඩි 5 අඟල් 1 ක් උස කාන්තාවකගේ බර කිලෝග්‍රෑම් 60 ක්

* අඩි 5 අඟල් 2 ක් උස කාන්තාවකගේ බර කිලෝග්‍රෑම් 62 ක් ලෙස බර වැඩි විය යුතුයි.

මෙසේ වැඩි වෙන සෑම අඟලකටම බර කිලෝග්රෑම් 2 බැගින් වැඩි විය යුතුය.

* අඟල් 4 යි අඩි 11 ක් උස කාන්තාවකගේ බර කිලෝග්‍රෑම් පනස් හයකි.

* අඩි 4 යි අඟල් 10 ක් උස කාන්තාවගේ බර කිලෝග්‍රෑම් 54 ක් විය යුතුයි.

මෙසේ අඩු වන සෑම අඟලකටම බර කිලෝග්‍රෑම් දෙක බැගින් අඩු විය යුතුයි.

බාහිර පෙනුමෙන්ම තරබාරු අය හඳුනා ගත හැකි අතර පියයුරු, නිතඹ, දෙකොපුල්, තොල්, කලවා, උදරය වැනි ස්ථානවල ශරීර මාංස පේශි එල්ලා වැටෙන තරමටම මේදය වැඩී ඇති බව ශරීර පෙනුමෙන්ම දැකිය හැකියි. තරබාරු බව ඇති වීමට මූලිකම හේතුව අධික කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නොකඩවා ගනිමින් ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදී සුවපහසු ලෙස සිටීම බව දැක්විය හැකියි. ගොවි කම්කරු ජනතාව ට වඩා සුඛෝපභෝගී ජීවිත ගත කරන සුපිරි පැලැන්තියට මෙම රෝගී තත්ත්ව ඇති බව පැහැදිලිය.

එදිනෙදා අවශ්‍යතාවයට වඩා අප අනුභව කරන ආහාර වලින් වැඩි කොටස මේදය වශයෙන් සමට යටින් අනාගත අවශ්‍යතාවයන් සඳහා තැන්පත් වී පවතී. වැඩිපුර ශක්තිය වැයවන කාර්යයන්හිදී හා ව්‍යායාම කිරීමෙන් තැන්පත් වූ මේද කොටස් දහනය වේ. එසේ නොවුණහොත් එම මේදය තව තවත් වර්ධනය වී රුධිර වාහිනී නාලවල තැන්පත් වී නහර පටුවී හෘදයාබාධ වැනි මාරක රෝග කාරක හටගනී. මේදය නහර තුළ බැඳී පවතින්නේ ජන නලයක මල බැඳී පවත්නා ආකාරයෙනි. ඒවා වැඩියෙන් රැඳුණ්‍රුතැන්වල ජලය හිරවන ආකාරයටම රුධිරවාහිනී නාලවල රුධිරය ගලා යාමට බාධා ඇති කරයි. රුධිරය මිලි ලීටර් 100ක ඇති මේද ප්‍රමාණය මිලි ග්‍රෑම් 100 ට වඩා අධික නම් වහාම තෙල් හා මේද ගැනීම නවතා දැමිය යුතුයි.

අධික තරබාරුව හේතු කොටගෙන පහත සඳහන් රෝග ලක්ෂණ හා රෝග ඇතිවේ.

එනම් සුළු කටයුත්තක් කිරීමේදී පවා ඇතිවන හතිය, අධික පිපාසය, නින්ද නොයෑම, හේතුවක් නොමැතිව හුස්ම ගැනීමේ අපහසුතාව, අධික බඩගින්න, ශරීර ශක්තිය හීන වීම, ලිංගික ශක්තිය හීන වීම, ශරීරයේ අප්‍රාණික බව, ලේ ගමනාගමනයේ අක්‍රමවත් බව, අධ් රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්ටරෝල්, නහර ගැට ගැසීම, අධික ලෙස දහදිය දැමීම, ශාරීරික දුගඳ, අධික නිදිමත ස්වභාවය, මානසික ආතතිය, කාන්තාවන්ගේ ගර්භාෂගත හා පියයුරු ආශ්‍රිතව පිළිකා අවධානම, ශරීරය අවපැහැ වීම සිදුවේ.

විශේෂයෙන්ම අධික තරබාරු බව හේතු කොට ගෙන හන්දි ආශ්‍රිතව රොග හට ගනී.එමේ වනුයේ ශරීරයේ බර දරා සිටීමට හේතුවන නිසා සන්ධිවල ක්‍රියාකාරිත්වය දුර්වල වීමෙනි.

අල්ප ආයුෂ, ඉක්මනින් රෝගී වීම, ලිංගික දුර්වලතාව, ශාරිරික දුගඳ, අධික කුසගින්න , අධික පිපාසය යන දෝෂ අධික තරබාරු පුද්ගලයන්ට පවතී.

නවීන වෛද්‍ය විද්‍යාවට අනුව අධික තරබාරු පුද්ගලයන් වැඩිකල් ජීවත් නොවේ. ඔවන් මිය යන්නේ අධික තරබාරු බව නිසා නොව ඒ ආශ්‍රිතව හට ගන්නා සංකූලතා නිසාවෙනි.

තරබාරු බව දරු සම්පත් බැලීමට ප්‍රබල බාධාවකි. අධික තරබාරු පුරුෂයන්ගේ සාපල්‍යතාව අඩු කරන නිසා ඔවුන්ට දරු සුරතල් බැලීමේ වාසනාවද අඩුවේ. එය කාන්තාවන්ටද එසේය. කෘත්‍රිම සංසේචනයක් සිදු කළ විට පවා තරබාරු කාන්තාවන්ට ලැබෙන ප්‍රතිඵලය අඩුවේ.

උපදෙස්

ආයුර්වේද හා හෝමියෝපති

වෛද්‍ය ආචාර්ය මහේෂ් අතුරලිය