Wednesday, April 24, 2024
Follow Us
මස් කරියට සේර දාන්නේ ඇයි ?

ආහාර සැකසීමේ කලාවේ දී ලාංකිකයන් සිටින්නේ වඩාත් සුවිශේෂ වූ ස්ථානයකයිග එසේ වන්නේ අපේ ආහාර කලාව රසයට පමණක් මුල්තැන දුන් ආහාර කලාවක් නොවන බැවිනි. එහි දී දිව පිනවීම මෙන්ම ආහාරයේ පෝෂ්‍ය ගුණය ගැන ද අවධානයක් යොමු වේ.

ඇතැම් විට අපි එහි පෝෂ්‍ය ගුණය ගැන නොසිතුව ද ආහාර සඳහා යොදන ස්වාභාවික රස කාරක එතෙක් මෙතෙක් යොදා ගෙන ඇත්තේ ආහාරයේ රසය මෙන්ම පෝෂණීය ගුණය ද වර්ධනය වන ආකාරයෙනි. මේ පිළිබඳව කාන්තා ඔබ දැනුවත් කරන්නේ හෙළයේ මහා සූපවේදියාණන් වන ආචාර්ය පබ්ලිස් සිල්වා මහතායග අදත් අපි එදිනෙදා භාවිත කරන ස්වාභාවික රස කාරක කිහිපයක වටිනාකම පිළිබඳ විමසා බලමු.

 

මස් ව්‍යාංජනය සුවඳවත් කිරීමට හෝ රසවත් කිරීමට සේර අත්‍යවශ්‍ය නොවේ

 

මෙය ඉංග්‍රීරසියෙන් Lemon Grass ලෙස හැඳින් වේග පැඟිරි පවුලේ තෘණ පැළෑටියකිග ඉතා තියුණු රසයකින් හා සුවඳකින් යුක්ත වේ.

කිසියම් කෑම වට්ටෝරුවක සේර යෙදිය යුතු බව සඳහන් නොවේ නම් ඒ සඳහා සේර නොයෙදීම වඩාත් සුදුසු යග අපේ බොහෝ දෙනා මස්වලට සේර දැමීමට පුරුදු වී සිටියත් අද සිට එය නොකර සිටීමට සිතට ගන්නග මන්ද අපට එම මස්වල සුවඳ සහ රස සේර නිසා නොදැනේග සේර සතුව පවතින සැර සුගන්ධය හා රසය නිසා අනෙකුත් රසවල් හා සුවඳවල් යටපත් වේ.

ඇතැම් ආහාරයක් නරක් වී තිබුණත් සේර සතු සැර සුගන්ධය නිසා එය නොදැනීම යම් අවාසි සහගත තත්ත්වයකිග දැන් ඔබේ සිතට .ඇයි එහෙම නම් ඉස්සර මිනිස්සු සේර පාවිච්චි කළේගග. යැයි පැනයක් ඇති විය හැකියි.

එයට හේතුව වන්නේල අපේ මුතුන් මිත්තන් සතුන් දඩයම් කරගෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීමයිග එසේ නැතිව සතුන් ඇතිකරගෙන මස් සඳහා මරා ආහාරයට ගත්තේ නැතග කැලයෙන් සතෙක් දඩයම් කරගෙන ආපසු එය ආහාරයක් ලෙස පිළියෙල කිරීමේ දී එම සතා ආහාරයට ගත් දේවල ගඳ නැති කිරීම හා එම සතාගේ සිරුරේ ඇති විසබීජ මැරීම යන කරුණු දෙක මූලික කොටගෙන මස් සැකසීමේ දී සේර යොදා ගැනිණිග නැතිනම් මස් කරියෙන් කොළ රහක් මෙන්ම කොළ ගඳක් වහනය වේ.

නමුත් දැන් එසේ නොවේ. අප ආහාරයට ගන්නේ දින දෙක තුනක්වත් පරණ වූ මස් ය. එමනිසා දැන් මස් ව්‍යාංජනය සුවඳවත් කිරීමට හෝ රසවත් කිරීමට සේර අත්‍යවශ්‍ය නොවේ.

 

පියකරු රතු පැහැයෙන් යුතු වසාවාසි

කුසගිනි වඩවයි

ආහාර රුචිය ඇති කරයි.

 

ඉංග්‍රීසි භාෂාවෙන් Mace ලෙස හැඳින්වෙන වසාවාසි සාදික්කා ගෙඩියෙන් ම ලබා ගන්නා රස කාරකයකිග සාදික්කා ගෙඩියේ ඇටය ආවරණය වූ කොටස වියළීමෙන් වසාවාසි සකසා ගනී.

පියකරු රතු පැහැයෙන් යුතු මෙය සුවඳවත් රස කාරකයකි.

ඌෂ්ණ ගුණයෙන් යුතුයග තිත්ත රසයක් ඇතග ආහාර රුචිය ඇති කරයිග කුසගිනි වඩවයිග සෙම හා වාතය නැති කරයිග කටහඬ වඩවයි.

විශේෂිත වූ ආහාර වර්ග සඳහා මෙන්ම ඇතැම් රස කැවිලි වර්ග හා අතුරුපස වර්ග සැකසීමේ දී යොදා ගනී.

කටුක රසයක් ඇති බැවින් හා ඌෂ්ණ ගුණයෙන් යුතු බැවින් මෙය ආහාර සඳහා එක් කරන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

(Tharunie)