නිතරම මොනවා හෝ කන කැත පුරුද්ද නැති කර ගන්න
ඇඟ හැඩකර බර අඩුකරන අලුත්ම ක්‍රමය
වැඩිහිටි විය ලෙඩ රෝග බහුල අවධියක්ද? කෙනෙකුට මෙසේ සිතෙන්නේ නම් එය වැරැද්දක් ද නොවේ. ඒ තරමට ම රෝග පීඩාවන්ගෙන් තරුණ වියේ සිට ම පීඩා විඳීමට අද බොහෝ දෙනෙකුට සිදුවෙලා.
මේ රෝග බොහොමයක් බෝ නොවන රෝග හෙවත් අපට වළක්වා ගැනීමට හැකියාව ඇති ලෙඩ රෝග බව හඳුනාගත හැකිය. හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ෆැටි ලිවර් හෙවත් අක්මාවේ තෙල් තැන්පත්වීම මෙන්ම වයස් සීමාවකින් තොරව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටීස්, මිග්‍රේන්, ර්‍ථර්‍ණඛ්ඉ වැනි හෝමෝන අසමතුලිතතාව නිසා ඇතිවන අපහසුතා ආදිය ඉතා සුලබය. එහෙත් මේ ලෙඩ රෝග සියල්ලම ඇති වන්නේ අපේම වරදින් බව කිවහොත්... පුදුම වන්නට එපා. තිත්ත වුවත් සත්‍ය වන්නේ එයයි. මේ ලෙඩ රෝගවලින් පිඩා විඳින ඔබ ඉන් මිදීමට නම් තමාගේ ජීවන රටාව (ඹ්ඪටඥ ඉබරතඥ එක) වෙනස් කරගත යුතුයි. මුලින්ම මෙය අමාරු දෙයක් බව ඔබට හිතුණත් එකින් එක පුරුදු වෙනස්කර ගනිමින් මේ වන්නකු ක්‍රමයට අනුගත වීමෙන් ඉක්මනින් හා පහසුවෙන් නිරෝගී මාවතට අවතීර්ණ විය හැකියි.
එම මඟ දිගේ පා තබා යන ඔබට ඉන් තවත් අනඟි වාසි කිහිපයක්ම ලබාගැනීමට හැකි වේ. මෙතෙක් කාලයක් සිතට මෙන්ම ගතට ද වද දුන් ස්ථුලතාව අඩු වී සිහින් සිරුරක් ලබාගැනීමට හැකි වේ. ඉතා විශාලව තිබුණු උදරය කුඩා වී සිරුර හැඩ වේ. සැහැල්ලු සිරුරක් ලැබීම නිසා ක්‍රියාකාරි බව වැඩිවේ. ලෙඩ රෝග අඩුවීම නිසා ඒ සඳහා වැය වූ මුදල් ඉතිරි වේ. කාලය, ශ්‍රමය ඉතිරි වේ. සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය වේ.
මේ සියලුම හේතු කාරණා නිසා සිතේ සැහැල්ලුව, සතුට ඇතිවේ. ආත්ම විශ්වාසය දියුණු වේ. අවසානයේ දී සමාජයේ ඔබ ආකර්ෂණීය චරිතයක් බවට පත් වේ.
වන්නකු මෙතඩ් එක නැතිනම් වන්නකු වෛද්‍යතුමා හඳුන්වාදුන් ක්‍රමවේදයට අනුගත වීමට අදහස් කරන ඔබ මුලින්ම ඔබ ආහාරයට ගන්නා පාන් පිටි ආශ්‍රිත ආහාර, කෘත්‍රිම ආහාර හා සීනි අධික ආහාරවලින් වැළකිය යුතුයි.
ඉන් පසුව සිදු කළ යුත්තේ සැරෙන් සැරේ විවිධ ආහාර වර්ග කෑමට නොගෙන ප්‍රධාන ආහාර වේල්වල දී පමණක් කුස පිරෙන සේ ආහාර ගැනීමයි. අපි ආහාරයක් මුවට ගන්නා විටම අපේ අග්න්‍යාසයෙන් ඉන්සියුලින් නමැති හෝමෝනය ශ්‍රාවය වේ. එම ආහාරයෙන් ලබා ගන්නා ග්ලූකෝස්, රුධිරය මඟින් සෛල කරා ප්‍රවාහනයකර සෛල තුළට ඇතුළු කිරීමට මේ හෝමෝනය ක්‍රියා කරයි. මෙසේ දිනකට වැඩි වාර ගණනක් ඔබ ආහාර ගන්නා විට රුධිරයේ ඉන්සියුලින් ප්‍රතිශතය නිරන්තරයෙන් ම ඉහළ මට්ටමක රැඳේ. මෙය කොහෙත්ම නිරෝගී බවට සුදුසු දෙයක් නොවන නිසා මුව තුළට ආහාර දමන වාර ගණන අඩු කළ යුතුය. දියවැඩියාව නැතිනම් ඉන්සියුලින් ප්‍රතිරෝධයට ලක්වීමට බොහෝ දෙනකුට සිදුව ඇත්තේ ද මෙසේ දිනක් තුළදී වැඩි වාර ගණනක් කුමක් හෝ කෑමට පුරුදු වී ඇති නිසයි. ඉන්සියුලින් කොපමණ ප්‍රමාණයක් කුමන වේලාවක නිපදවන්නේදැයි නිර්ණය කරගැනීමට සිරුරට නොහැකි වීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වේ.
රාත්‍රි හතට පෙර ආහාර ගන්න. අපි දවස පුරාමත් ආහාර ගෙන රාත්‍රී 10 - 11 පමණ වනතෙක් ම එය සිදු කරයි. එවිට රාත්‍රිය පුරාමත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පවතී. එය අහිතකර දෙයක් බව කිව යුතුය. ආහාර ගත් ගමන් නින්දට යාම නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා සිරුරෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවේ.
උදෑසන ආහාරය පමා කරන්න
අපි උපවාස ක්‍රියාවලියකට යොමු වන නිසා අපේ උපවාස කාලය සීමාව පැය 16ක් කරගැනීමට අපි උදෑසන ආහාරය ප්‍රමාද වී ගත යුතුයි. මෙහිදී ඔබ කැමැති සේ උපවාස කාලය සකසා ගතහැකියි.
ආහාරයට පැය භාගයකට පෙර හා පසු ජලය පානය කරන්න. බර අඩුකිරීමේ ක්‍රමෝපායන්හි දී වතුර පානය කිරීමේ රටාව ඵලදායි බැව් සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබෙනවා. කෑමට පැය භාගයකට පෙර ජලය පානය කිරීමෙන් ආහාර ගැනීමේ ප්‍රමාණය අඩුවේ. ආහාර ගත් විගසම වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම නිසා ආහාර දිරවීමට අවශ්‍ය වන ආම්ලික පරිසරයට බාධා වෙයි.
මෙහිදී වැදගත් ම දේ වන්නේ ආහාරවල කැලරි ප්‍රමාණය හෝ වතුර ලීටර් ප්‍රමාණය මැනීමකින් තොරව ආහාර හා ජලය පානය කිරීමයි. මෙය අමුතු දෙයක් නොවේ. අපේ මුතුන් මිත්තෝ සොබාදහමට ළංව සිටි සරල මිනිසුන්. ඔවුන් ප්‍රෝටීන් අධික මස්, මාළු ආහාරත් මේදය බහුල ඇට වර්ගත් වටේ පිටේ තිබෙන කොළ, අල, ගෙඩි ආහාරයට ගෙන පිපාසයට ඇති තරම් ජලය පානය කළා. ඔවුන්ගේ සවි ශක්තිය, ප්‍රතිශක්තිය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඔවුන් අපි මෙන් ක්ෂණික ආහාර, පිෂ්ටය අධික ආහාර හෝ පැණි බීම, පැණි රස අධික ආහාර නොගැනීම එයට හේතුවයි. දැන් අපි කළ යුත්තේද එයයි. ඒ නිසයි වන්නකු ක්‍රමයේ දී පිෂ්ටය 1/5ක් කොළ පැහැති එළවළු 1/5ක් සහ මේදය සහ ප්‍රෝටීන් 3/5ක් ලෙස කෑම වේල සකසා ගන්නේ. ලබන සතියේ දී තවත් දේ ගැන කතා කරමු.
(Tharunie)