Thursday, March 28, 2024
Follow Us
MYTHS  ABOUT  HAIR

? හිස කෙස් වලට අපේ කාන්තාවන් දක්වන ආදරය නිසාම අපේ සමාජය තුළ ඒ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත ගොඩ ගැහිලා තියෙනවා. මම අද හිතුවා ඒ මිථ්‍යා මත කිහිපයක් බිඳලා දාන්න. මොකද මිත්‍යාව කියලා කියන්නේ සත්‍ය වසාගෙන ඉන්න දෙයක් මිත්‍යාව අයින් කරනකල් ඇත්ත සැඟවිලා. ඉතින් ඒ නිසාම තමන්ගේ කොණ්ඩෙ අහිමි කර ගන්න කාන්තාවන් බොහොමයි.


? මේ වෙනකොට මම දුන්න උපදෙස් පිළි අරගෙන කොන්ඩෙට සාත්තු කරපු අයට හොඳ ප්‍රතිඵල මිසක් නරක ප්‍රතිඵල මේ වෙනකන් ලැබුණේ නැහැ . සමහරු පුදුම වුනේ මේ තරම් සරල දෙයක් ද අපිට කරන්න තිබුණේ කියලයි. මොකද ඒ වෙන තෙක් එයාලා පණ දාගෙන.... තෙල් සහ නොයෙකුත් ආලේපන කෙස් වල ගල්වමින් සාත්තු කරගෙන ඉඳලා තිබුණා. නමුත් කරන්න ඕනම දේ නිවැරදි විදිහට කරල තිබුනෙ නැහැ . ජීවන රටාවේ පුංචි වෙනසකින් ඔයාගේ කොන්ඩෙ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙනවා.
? අපි මේ ලිපියෙන් බලමු මොනවද මේ මිථ්‍යා මත සහ ඒවා අත් හැරලා අපි කළ යුතු නිවැරදි දේ කියලා .
? හිස කෙස් වලට තෙල් හෝ කුමන ආකාරයක හෝ ද්‍රව්‍යයක් උරාගෙන පෝෂණය වීමේ හැකියාවක් නැත.
?‍ කොන්ඩේ වැවෙන්න කියලා කෙස් වලට පණ දාගෙන තෙල් ගෑවට පලක් නැහැ. කෙස් වලට කිසිම විදියකින් යමක් උරා ගෙන පෝෂණය වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නෙ හිසකෙස් වලට දාන දේවල් හිසේ සම ඇතුලට උරාගන්නේ නෑ. අපි ගාන mask වර්ග, කන්ඩිෂනර් වර්ග, තෙල් වර්ග සේරම කෙස් ගහ වටේ රෑදෙනවා විතරයි. keratin වගේ දේවල් අපට තැන්පත් කරන්න පුළුවන්. නමුත් ඒවා කෙස් ගහ දිගේ ගමන් කරලා හිසේ සම පෝෂණය කරන්නේ නෑ . මේවා සේදුවාම ඉවත්වෙලා යනවා. ඒකනේ නැවත නැවතත් ඒවා ගාන්න වෙන්නේ. Keretin නම් අපි කෙස්ගහ ඇතුළේ තැන්පත් කරල සීල් කරන නිසා කාලයක් පවතිනවා.
?‍එතකොට ඔබ අහයි එහෙනම් කොණ්ඩය පාට කරද්දි උරා ගන්නේ නැද්ද කියලා. අපි ඒකෙදි කරන්නේ කෙස් ගහේ පිට සිවිය (කියුටිකල් )විවෘත කරල අදාල රසායන ද්‍රව්‍ය කෙස් ගහ ඇතුළේ තැන්පත් කරන එකයි . කිසිම දවසක කේශ මූලයට කෙස් වලින් පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි රෝම කූප වලින් එළියට ආපු කෙස් ගහට නැවත ශරීරයෙන් පෝෂණය ලැබෙන්නේත් නැහැ
?‍තෙල් ගානවා නම් ඔබ ගාන්න ඕනේ හිසේ සමට පමණයි . ඒකත් දාලා නිකන් තියලා නම් ඔයාගේ කොණ්ඩෙට කිසිම පලක් වෙන්නෙ නැහැ . අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න තෙල ඇඟිලි තුඩු වලින් අපි හිසේ සමට දෙන සම්බාහනය පහසු කරවනවා. කෙස් වලට තෙල් ගෑවහම , ඒක සෝදන්න ෂැම්පු තොගයක් කොන්ඩෙට දාන්න වෙනවා. ඉතින් ෂැම්පු වලින් කොන්ඩෙ damage වෙන බව මම කලින් කියල තියනවනේ ...(oil treatment ලිපිය කියවන්න )
?‍තෙල් වල යම් ගුණයක් තියෙනවා නම් සමෙන් උරා ගන්නේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි . කටින් ඇඟට සපයන පෝෂණය සහ ඇඟිලි තුඩු වලින් හිසට දෙන සම්බාහනය තරම් කෙස් ගහට වටින කිසිම දෙයක් වෙන නැහැ.
? කොන්ඩය වැඩිපුර පීරුවා කියා ඉක්මනින් වැවෙන්නේ නැත.
?‍හුඟක් අය පනාවකින් ගොඩක් කොණ්ඩය පීරනවා . පිළිවෙලක් ලස්සනක් වෙන්න පීරුවට කමක් නෑ... පුලුවන් තරම් අඩුවෙන්.....නමුත් වැවෙන්න නම් කොණ්ඩෙ පීරල පලක් නෑ....පීරන්න ඕන හිසේ සමයි . ඒක බෙල්ල ළඟදි නතර කරන්න.
?‍අවිවේකී කාන්තාවන්ට, තෙල් සාත්තු වලට වෙලාවක් නැති අයට හොඳ විසඳුමක් මේ හිසේ සම දැති මහත පනාවකින් දිනපතා පීරීම. එයින් තෙල් සාත්තුවෙදි අපි දෙන උත්තේජනය හා සමානවම උත්තේජනයක් ලැබෙනවා කේශ මූලයට.
?‍ පීරීමේදී පාවිච්චි කල යුතු පනාව ගැන කියනවා නම්.....හිස පීරද්දී හිසේ සම තුවාල නොවන ඕනම පනාවක් ප්‍රශ්නයක් නැහැ. හිසේ සමට වදින්න හොඳට පනාවෙන් සිය වතාවක් විතර දවසකට පීරන එකෙන් කොණ්ඩය වැවෙන්න ලොකු පිටිවහලක් ලැබෙනවා. මොකද ඒකෙන් හිසට ලේ ගමනාගමනය වැඩි වෙලා කේශ මූලය උත්තේජනය වන නිසා. රාත්‍රී නින්දට පෙර මෙය කිරීම ඉතා හොඳයි.
?‍හැබැයි කෙස් ගැන සඳහන් කළොත්....ඔයාගේ කේශ කල්‍යාණය පීරද්දී නම් වඩාත්ම සුදුසු වන්නේ ස්වාභාවික කෙඳි සහිත පනාවක්. ලී වලින්, ඇත් දළ වලින් වගේ ස්වභාවික දේවල් උපයෝගී කර ගෙන හැදූ පනාවකින් පීරන්න පීරන්න ඔබේ කොණ්ඩයේ දිදුලන ගතිය වැඩි කර ගන්න පුළුවන්. (Rapunzel comb ලිපිය කියවන්න )
?‍මේකට හේතුව කෘතීම කෙඳි වලින් හැදූ පනාවෙන් වැඩි වාර ගණනක් පිරීමේදී ස්ථිති විද්‍යුතය (static electricity ) ඇති වී කියුටිකල් එක ඕපන් වෙන නිසා හිසකෙස් අවුල් සහගත බවක් පෙන්නුම් කිරීමයි. ස්වභාවික කෙඳි වලින් පිරන්න පිරන්න අපේ කෙස් ගසේ පිට සිවිය (කියුටිකල් ) විවර නොවී කෙස් ගසට හානි නොකර හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්
?කොන්ඩෙ වැවීමට තෙල් ගෑම අනිවාර්ය
නැත
?‍මේක පරම්පරා ගණනක් තිස්සේ අපේ හිත්වල හිත් වල මුල් බැසගෙන තියෙන මිථ්‍යාවක්. හිසකෙස් වැවෙන්න 90% ක්ම බලපාන්නේ අපි ගන්නා ආහාරයි. ඉන්පස්සෙ බලපාන්නේ බාහිරින් ලබා දෙන උත්තේජනයයි.
?‍ඉතින් මේ මිථ්‍යාව ඔලුවෙ තියාගෙන ඉන්න නිසා අධික තෙල් සහිත හිසක් ස්වභාවිකවම උරුම වෙච්ච අය පවා බාහිරින් තෙල් දාන්න පුරුදු වෙලා ඉන්නවා. එය අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමක්.
?‍ උත්තේජනයක් ලබා දීම සඳහා තෙල් ගැල්වීම අනිවාර්යයෙන් කළයුතු නැහැ. ඒ වගේම තෙල් නිකම්ම හිසට දැම්ම පලියට කොණ්ඩෙ වැවෙන්නෙත් නෑ.... ඒකට අනිවාර්‍ය්යෙන්ම හිසේ සම සම්බාහනය කල යුතුයි . ඒ සඳහා නිපදවූ serum වර්ග සහ tonic වර්ග ඕනෑතරම් වෙළඳපොලේ තිබෙනවා. තෙල් වල ඇති ගුණ හිසේ සමින් උරා ගන්නේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව ඔබ අවබෝධ කරගත යුතුයි. මේ විසි එක්වන සියවසයි.
? අගිස් කැපුවාට කොණ්ඩය ඉක්මනින්
වැවෙන්නේ නැත.
?‍ මේක නම් ලොකුම මිත්‍යා මතයක්. හිසකෙස් වල අගිස් කැපිය යුතුයි. අවම වශයෙන් මාස හතරකට සැරයක් වත්. නමුත් අගිස් කැපුවාට කොන්ඩය වැවීමට ඒක කිසිම බාධාවක් හෝ පිටිවහලක් නොවෙයි.
?‍ කොණ්ඩය වැවෙන්නේ ගස් මෙන් අගිස්සෙන් නොවේ. ඇයි එහෙනම් මේ අගිස් කපන්න කියලා කියන්නේ...??? සාමාන්‍යයෙන් අවම වශයෙන් අපේ මේ කෙස් ගහක් අවුරුදු දෙකක් වත් අපේ හිසේ රැඳී තියෙනවා. නමුත් පනාවෙන් පීරද්දි, දිනපතා කරන පිරිසිදු කිරීම් වලදී කල් යද්දි මේ කෙස් ගස් කැඩිලා යනවා.... තුනීවෙනවා. අන්න එතකොට තමයි කොන්ඩෙ උඩ හරියට වඩා යට හරිය තුනී වෙන්නෙ. මාස හතරකට අඟලක් බැගින් කප්පාදු කලහම උඩ තියෙන ප්‍රමාණය (volume )හා සමානවම අගිස් හරියෙත් කොණ්ඩය පවත්වාගෙන යන්න පුලුවන්.
?ඉදුණු හිසකෙස් ගැලෙව්වාට ඒ හේතුවෙන්
කළු ඒවා සුදු වන්නේ නැත.
?ඉදුණු හිසකෙස් වර්ණ ගැන් වූ විට අනිත්
කළු හිසකෙස් ඒ නිසා ඉක්මනින් සුදු
වන්නේ නැත.
?දිනපතා shampoo යොදා හිස පිරිසිදු කිරීම
හිස කෙස් ගැලවී යාමට හේතුවක් නොවේ.
?‍ අපේ කාන්තාවන් නෑමට පුදුමාකාර බයක් දක්වනවා. ඒ කියන්නේ බෙල්ලෙන් උඩ කොටස කොටස සේදීම සඳහා පුදුමාකාර බයක් සහ අකමැත්තක් . මම දිනපතා හිස සෝදන කෙනෙක්. දිනපතා හිස සෝදන අයෙකුගේ කෙස් ගස් මුලින් ගැලවී යන්නේ ඉතාමත් අඩුවෙන්.
?‍ අමතක කරන්න එපා ඔබේ හිසේ තියෙන්නෙත් සමක් බව. ඒ සමට බද්ධ වෙලා ඇඟේ අනිත් තැන් වලට වඩා දිග කෙස් ගස් තිබෙනවා. අපේ ශරීරයේ වැඩිපුර කෙස් තියෙන තැන් තමයි වැඩිපුර පිරිසිදුව තියාගන්න ඕනේ. මොකද ඒ තැන්වලට දාඩිය දානවා වැඩියි.
?‍ ඒ වගේම සමේ සිදුරු වලින් පිටවෙන තෙල් රැඳිලා තියෙනවාත් වැඩියි. එහෙම උනහම දිලීර වර්ධනය වෙනවා. බැක්ටීරියා වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙන දිලීර ජාතියක් තමයි මේ ඉස්සොරි කියලා අපි හඳුන්වන්නේත්.
?‍ ඇඟේ සම දිනපතා පිරිසිදු කරන ඔබ හිසෙහි සම දිනපතා පිරිසිදු නොකරන්නේ ඇයි?. ඒක ඔයාගේ නහයටයි ඇස් වලටයි දැනෙන්නේ පේන්නෙ නැති නිසා නේද??
?‍ ඔබට නොපෙනුනාට ඒ ගඳ, ඒ අපිරිසිදු බව අනිත් අයට පේනවා. රූපලාවණ්‍ය ශිල්පිනියක් වන මට නම් ඒක හොඳට අත්විඳින්න ලැබෙනවා. දිනපතා කෙස් වලට ෂැම්පු දාන්න එපා. නමුත් හිසේ සම සැරනැති ෂැම්පු එකක් දාලා දිනපතා පිරිසිදු කරන්න.

(Beauty Secrets with Rapunzel)