Saturday, May 04, 2024
Follow Us
Sweat        Sweat        Sweat

? අද මම සඳහන් කරන්නට යන්නේ දහදිය ගැනයි. දහදිය දමන හැමෝගෙම ශරීර වලින් දුගඳ හමන්නේ නැහැ . දහදිය ටත් වඩා ලොකුම ප්‍රශ්නය මේ දහදිය දුගඳ යි .


?දැඩි උෂ්ණත්වයක් සමග වැඩිපුර දහදිය දැමීමක් පටන් ගනී.දහදිය දැමීම රෝගයක් ද...නැති නම් රෝගයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් ද....?
?මෙය බහුලව දැකිය හැකි පොදු ප්‍රශ්නයකි. මෙම තත්වය එකිනෙකාට වෙනස් වෙයි. ඇතැමුන්ට විශාල ලෙස දහදිය දමන අතර තවත් කොටසකට දහදිය ඉතාම අල්ප ප්‍රමාණයක් පිට වේ. කාන්තා පිරිමි හා වයස් භේදයකින් තොරව දහදිය පිටවීම සිදුවෙයි.
? දහදිය දමන ග්‍රන්ථි ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදේ .
?Ecrine -මේ තත්ත්වය සාමාන්‍යයෙන්
ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය
හැක.
?Epocine - මෙම තත්වය ඉකිලි, කිහිලි වැනි
කෙස් සහිත ස්ථාන වල ඇති වේ.
?දහදිය දැමීම මගින් අපගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය වීමක් සිදු වේ . දහදියේ 99%ක්ම අඩංගු වන්නේ ජලයයි. මෙහිදී ශරීරයට ඉතාමත් වැදගත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වේ. අපගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගිය විට සමේ රුධිර වාහිනී විස්තාරණය වී සම රතුවී දහදිය දැමීමට පටන් ගනී.
?සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් පැයකට 0,5L පමණත්, ක්‍රීඩකයෙකු ගෙන් 3-4L අතර ප්‍රමාණයක ප්‍රමාණයකුත් දහදිය නිෂ්පාදනය කරනු ලබයි
?දහඩිය පිටවීම අනිච්චානුක ක්‍රියාවකි.
?දහදිය දැමීමේ අවස්ථා දෙකකි. එනම් ප්‍රාථමික අවස්ථාව සහ ද්විතීයක අවස්ථාව ලෙසය.
?ප්‍රාථමික අවස්තාව
මෙහි දී වැඩිපුරම අත්ල, කකුලේ යටිපතුල, කිහිලි හා මුහුණ ආශ්‍රිත ප්‍රදේශ වලට දහඩිය දමනු ලැබේ. මෙම ස්ථාන වල දහඩිය දැමීම එක්වරම අධික වීමට ද හැක.
මෙයට මානසික ආතතිය ප්‍රධාන ලෙස හේතුවක් විය හැක. මෙය කෙලින්ම මොළයේ මස්තිෂ්කය හරහා එන උත්තේජනයකි. එබැවින් අධිකව දහදිය දැමීම මානසික ආතතිය සහිත විභාග සහ සම්මුඛ පරීක්ෂණ වැනි ක්‍රියාවලයට මුහුණ දීමේ දී ඇති වේ. මෙම තත්ත්වය බොහෝ විට එකම පවුලේ තවත් සාමාජිකයකුට තිබිය හැක. අත්ල හා කකුලේ පතුල මත දහදිය දැමීම මුලින්ම කුඩා කල දැකිය හැක. මෙම අධිකව දහදිය දැමීම නිසා සාමාන්‍ය ජීවිතයට නොයෙකුත් කරදර ඇතිවන බැවින් බොහෝ විට සමාජයෙන් කොන් වී සිටීමට උත්සාහ දරයි. විශේෂයෙන් අත්ලට දහඩිය දමන පුද්ගලයා අතට අත දීම වැනි ක්‍රියාවන්ට දැඩි ලෙස පසුබසී.....
?ද්වීතියක අවස්ථාව
මෙම තත්ත්වය බහුල නොවේ.
? මෙම තත්ත්වය ඇති විය හැකි අවස්ථා
* ජානමය වෙනස් කම් නිසා
* නොයෙකුත් ආසාදන නිසා
* තයිරොයිඩ් වැනි හෝමෝන ප්‍රශ්න නිසා
* ඇතැම් පිළිකා වර්ග නිසා
* දියවැඩියාව නිසා
* පිටියුටරි ග්‍රන්ථියේ අසාමාන්‍යතා නිසා
* ආර්තවය නිසා
* ගර්භනී තත්ත්වය නිසා
* ස්නායු පද්ධතියේ ඇතැම් ආබාධ
* අංශ භාගය
* මත්පැන් භාවිතය
* ඇතැම් ඖෂධ හා ආසනික් නිසා
?ඇතැම් පුද්ගලයන්ගේ ඇඳුම් වල කිහිලි අවට තද කහ පැහැයකින් යුතු වීම ඔබ දැක ඇතුවාට සැක නැත. මෙය ද දහදිය දැමීම සමඟ ඇතිවන බැක්ටීරියා තත්වයක් නිසා ඇති වන රෝගයකි. මෙහිදී නිතරම දහදිය දැමීම නිසා එහි ඇති ලෝමවල දහදිය තැවරී තිබෙන බැවින් මෙහි බැක්ටීරියාවන් වර්ධනය වීමට සුදුසු වාතාවරණයක් ඉබේම හට ගනී. මේ ආසාදනය නිසා Brumo Hydrosis තත්ත්වයට පත් වී නිරන්තරයෙන් දහදිය දැමීමට පටන් ගනී. ඊට අමතරව මෙම බැක්ටීරියා වලින් ශ්‍රාවය වන ප්‍රෝටීන ඇමෝනියා වායුව පිට කිරීම නිසා අධික දුර්ගන්ධයකින් යුක්ත වේ. මෙම තත්වය යටිපතුල් වල පවා ඇති විය හැක. එවිට යටි පතුලේ ඉතා කුඩා සිදුරු වගේ සෑදේ. මෙවිට දැඩි අප්‍රසන්න බවක් ඇතිවීම නිසා මොවුන් සමාජයෙන් කොන් වීමට ලක් වේ.
?මෙවැනි අවස්ථාවලදී පිළිපැදිය යුතු
කරුණු,
* පිරිසිදුව සිටීම
* යට ඇඳුම් මාස හයකට වරක්
අනිවාර්‍ය්යෙන්ම අයින් කර අලුත් ඒවා
පාවිච්ව්යට ගැනිම.
* කිහිලි ආශ්‍රිත රෝම කපා ඉවත් කිරිම
* ඩියෝඩ්රන්ට් වැනි සුවඳ විලවුන් වර්ග
ගැල්වීමෙන් වැළකී සිටීම.
( මෙවැනි ද්‍රව්‍ය භාවිතය නිසා
අසාමාන්‍යතාවට පත් වූ සමට තවදුරටත්
රෝග වැළඳීමට තිබෙන ප්‍රවණතාව වැඩි
වේ ).
?ඖෂධ
* ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට
උපදෙස් දීම.
* වැඩිපුර දහදිය දැමීම පාලනය සඳහා
ආලේපන හා ස්ප්‍රේ වර්ග තිබෙනවා.
නමුත් මෙවැනි ප්‍රතිකාර ක්‍රම
තාවකාලික වේ.
* රාත්‍රී කාලයට ආලේප කිරීමට ඖෂධ
වර්ග වෛද්‍යවරුන් නියම කරන අතර
මෙය උදෑසන සෝදා හැරිය යුතුය.
( මෙය දැනට අප අතර භාවිතා කරනු
ලබන ක්‍රමයයි )
* ඊට අමතරව ගිලින පෙති වර්ග
නිර්දේශ කර ස්නායු පද්ධතියේ
ක්‍රියාකාරිත්වයේ වෙනස් කිරීමක් සිදු
කරයි. මෙවිට අතුරු ආබාධ ඇති විය
හැක.
* ඉතාමත් හොඳම ක්‍රමය වන්නේ අල්ලේ
හා දෙපතුලේ දහදිය ගැලීම පාලනය
කරන Iontophoresis treatment යන
ක්‍රමය යි . මෙමගින් සියුම් විද්‍යුත්
ධාරාවක් එම ස්ථාන වලට යැවීමෙන්
දහදිය පාලනය කිරීම සිදු වේ. මෙය
දියුණු රටවල භාවිතා කරනු ලබයි.
* ඊට අමතරව Botulinum Toxin යන
එන්නත් ලබා ගත හැක. එමගින් මාස
4-6 ක කාලය තුළ දහදිය දැමීම නවතා
තැබිය හැකි අතර ඉන් පසු නැවත වරක්
ලබාගත යුතුය. මෙය වේදනාකාරීය.
? ඖෂධ මගින් ඇති විය හැකි අතුරු ආබාධ
* ඇස් වියලීම,
* මුඛයේ වියළි ස්වභාවයක් ඇති වීම,
* පෙනීම දුර්වල වීම,
* මුත්‍රා අඩස්සිය වැනි ආබාධ ඇති වීම .
මෙම ලිපිය මා සකස් කළේ විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර මහතා ලියූ ලිපියක අඩංගු කරුණු උපුටා ගනිමිනි . එබැවින් ඔබත් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා නම් වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසීමයි.

(Beauty Secrets with Rapunzel)