Saturday, May 04, 2024
Follow Us
Exfoliating       ?????

අපි මීට කලින් ලිපි වලින් කතා කළා


face cleanser / face packs /sun cream / Shampoo/ conditioner/ hair mask වගේ දේවල් ගැන විස්තර සහිතව. අද අපි කතා කරමු Scrub ගැන.
සම සාමාන්‍ය සේදුම් කාරක යොදා පිරිසිදු කිරීම කියන කාරණාවට පස්සේ තියෙන ඊළඟ පියවර තමයි අපේ ශරීරයේ මතුපිටින්ම තිබෙන සමේ මැරුණු සෛල ඉවත් කිරීම. සාමාන්‍ය ව්‍යවහාරයේදී ස්ක්‍රබ් කරනව කියන්නෙ මේකටයි. සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා .
1. Mechanical exfoliate
2. Chemical exfoliate
අපි එදිනෙදා ගෙදර දී හෝ රූපලාවණ්‍යාගාරයේ දී සාමාන්‍යයෙන් පාවිච්චි කරන scrub අයිති වන්නේ mechanical වර්ගයටයි. මේ කොයි වර්ගයෙන් වුණත් සිදුවන්නේ සමේ මැරුණු සෛල සමග එහි ඇති කුණු දුහුවිලි තෙල් ආදී දේවල් ඉවත් වීමයි.
?ස්ක්‍රබ් පාවිච්චි කිරීම අනිවාර්ය ද ?
ඔව්. තමන්ගේ සමේ ඇති ස්වභාවය සහ තිබෙන ගැටලු අනුව ස්ක්‍රබ් එකක් පාවිච්චි කිරීම කියන කාරණාව අනිවාර්ය වෙනවා. කිසිම ගැටළුවක් නැති සමක් නම් සතියකට වරක් සහ ගැටලු සහිත සමක් නම් රූපලාවන්‍ය ශිල්පිනියගේ උපදෙස් අනුව සතියකට දෙවරක්, තෙවරක්, හෝ දිනපතා වුවත් ස්ක්‍රබ් කිරීමට සිදු විය හැකියි. එය තීරණය වෙන්නේ ඔබේ සමේ ස්වභාවය මතයි. දිනපතා අපේ සම තමන්ගේ ජීවන චක්‍රයේ අවසානයට ළඟා වෙනවා. නැවත අලුතින් වැඩෙනවා. මේක චක්‍රයක් ඒ නිසා කොයි වෙලාවෙදි වත් එයට විවේකයක් හෝ අවසානයක් නැහැ. සම්පූර්ණයෙන් සමක් මැරුණු සමක් බවට පත්වීමට සති තුනක් හෝ මාසයක් ගත වෙනවා. ඒ චක්‍රය දිනපතා කැරකෙන දෙයක්. මුහුණට විතරක් නොවෙයි මුළු ඇඟටම scrub පාවිච්චි කරලා සතියකට සැරයක් සමේ මැරුණු සෛල ඉවත් කර ගත හැකි නම් ඉතාමත් වටිනවා.
?දිනපතා ස්ක්‍රබ් පාවිච්චිය හානිකර නැද්ද ?
නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනෙ දිනපතා පාවිච්චියට සුදුසු සහ නුසුදුසු වර්ග තිබෙන බව. ඒ බව ඔයාට දැනගන්න පුළුවන් ඔයා පාවිච්චි කරන නිෂ්පාදනයේ ඇසුරුම් උපදෙස් කියවා බැලුවහම. සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට නම් ඒ scrub වර්ගය ඇඟිලිතුඩු වලින් අල්ලලා බැලුවහම තේරෙනවා මේක දිනපතා පාවිච්චියට සුදුසු ද නැද්ද කියලත්. විශේෂයෙන් තෙල් සහිත සමක් ඇති අයට අපි නිර්දේශ කරනවා scrub සතියකට වැඩි වාර ගණනක් කළාට කමක් නැහැ කියලා. ඒකෙන් තෙල් සහිත සමේ තිබෙන වැඩිපුර තෙල් ගතිය හුඟක් අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. තෙල් සහිත සම ගැන වැඩිපුර විස්තර දැන ගන්න නම් ඔයාලට පුළුවන් අපේ oily skin සහ ice cube treatment ලිපි කියවල බලන්න. ස්ක්‍රබ් එකක් තෝර ගනිද්දී අනිවාර්යෙන්ම ඇසුරුමේ සඳහන් සමේ ස්වභාවය සහ උපදෙස් කියවල ඒ අනුව තෝරා ගන්න.
?ස්ක්‍රබ් කිරීමට පෙර මුහුණ පිරිසිදු කළ යුතු ද ?
ඔව්. සාමාන්‍යයෙන් ඔබ පාවිච්චි කරන්න සේදුම්කාරකය පාවිච්චි කරලා මුහුණ පිරිසිදු කරගැනීම කරගැනීම ඉතා වැදගත්. හේතුව ඉතා ලේසියෙන් ඉවත් කළ හැකි කුණු දූවිලි ඉවත් කළහම scrub කරද්දි ඒකෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ඔයාට ලබාගන්න පුළුවන් වෙනවා හැබැයි ඉන් පස්සෙ නැවතත් සේදුම් කාරකයක් පාවිච්චි කළ යුතුද කියන එක ඔබේ කැමැත්ත. හැබැයි අනිවාර්යයෙන්ම ටෝනර් එකක් නම් පාවිච්චි කළ යුතුයි. තෙල් සහිත සමක් නම් ice cube treatment එකකින් ඒක ඉවර කරන්න පුළුවන්. (මේ වගේ වාක්‍යයක් ලිව්වහම සමහරු ඊළඟට අහන්නේ ඇයි වියළි සමක් නම් එපාද......කියලයි ??? අන්න එතකොට තමයි ඉතින් මේ ලිපි ලියන එක නතර කරන්න හිතෙන්නේ. )
?පාවිච්චි කළ පසු ඒවා ඉවත් කරන්නේ කෙසේද?
Foaming cleanser පාවිච්චි කරල සෝදන විදිහට මේක ඉවත් කරන්න බැහැ. මේක ඉවත් කරන්නේ deep cleanser පාවිච්චි කරලා ඉවත් කරන විදියටයි. තෙත මිරිකූ පුළුන් පාවිච්චි කරලා හෝ ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තෙත මිරිකු රෙදි පාවිච්චි කරන්නත් පුළුවන්.
?ස්ක්‍රබ් කිරීමෙන් ලැබෙන වාසි මොනවා ද ?
* සමේ මැරුණ සෛල ඉවත් වීම නිසා සම නැවුම්ව අලුතින් වැඩීම වේගවත් වීම ඉක්මන් වීම.
* මිනිත්තු 5-8 ක් පමණ අපි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන නිසා තරමක සම්බාහන ක්‍රියාවලියක් සිදු වීමෙන් ලේ ගමනාගමනය වැඩි වෙලා සමට පෝෂණය ලැබීම වැඩි වෙනවා . ඒ නිසා වක්‍රාකාරයෙන් සම නිරෝගිව තියාගන්න මේක උදව්වක් වෙනවා.
* සාමාන්‍ය සේදුම්කාරක වලින් ඉවත් නොවන කුණු දුහුවිලි සහ තෙල්, ඒ වගේම අපි අලේප කරන ආලේපන ඉතා හොඳින් ඉවත් වෙනවා.
* කුරුලෑ වර්ග වල ප්‍රභේදයන් වන, අපි සාමාන්‍යයෙන් හඳුන්වන බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාව හොඳ ස්ක්‍රබ් එකකට තියනවා. කුරුලෑ ගැන වැඩිදුර විස්තර බලාගන්න පුළුවන් ලිපි කිහිපයක් අපි පලකරල තියෙනව. (pimples, acne scars , oily skin, ice cube treatment etc..)
* සමේ සිදුරු වසා ගෙන තියෙන මැරුණු සෛල ඉවත්වෙලා පිරිසිදු වෙන නිසා කුරුලෑ වැනි ආසාදන ඇතිවීම ඇති වීම අවම වෙනවා. අලුත් සම හොඳින් බාධාවක් නැතිව වැඩීමේ හැකියාව ඇති වෙනවා . ඒ වගේ ම පරිවෘත්තිය ක්‍රියාවලිය බාධාවක් නැතිව සිද්ධ වෙන නිසා හැම විටම සම නැවුම් බවක් පෙන්නාවි.
* ලප කැලැල් සහ වියපත් වීමේ ලක්ෂණ (wrinkles ) අවම තරුණ පෙනුමක් සමට ලබා දීමේ හැකියාව මේ exfoliating ක්‍රියාවලියේ ලොකු වාසියක්. කාලයක් තිස්සේ ස්ක්‍රබ් කරද්දී කැළැල් පවා අඩුවෙලා යනවා.
* සම සිනිඳු වෙනවා .තරුණ පෙනුමක් ලැබෙනවා ඒකාකාරී පැහැපත් බවක් ලැබීමට උදව්වක් වෙනවා.
* සමේ තිබෙන අඳුරු ස්වභාවය නැතිව යනවා . ඉන්පසු සමට ඔයා ගල්වන ආලේපන ඕනෑම එකක් ඉතා හොඳින් සමට උරා ගැනීමේ හැකියාව පවා වැඩි දියුණු වෙනවා . අන්න ඒ නිසා තමයි අපි කියන්නේ scrub කළාට පස්සේ makeup පාවිච්චිය හොඳ නැහැ කියලා. Facial , clean up කරපු හැටියෙම මේකප් පාවිච්චි කිරීම සුදුසු නැත්තෙ මේ නිසයි.
* උරාගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන නිසා scrub සහ toner පාවිච්චියෙන් පසුව ඔයා පාවිච්චි කරන pack, serum සහ cream වර්ග පාවිච්චි කිරීම අවශ්‍ය නම් කරන්න පුළුවන්.
? මම මුලින්ම සදහන් කලානේ exfoliating ක්‍රම දෙකක් තිබෙන බව. මම වඩාත්ම කැමැති දෙවෙනි ක්‍රමයටයි. Chemical exfoliating. chemical peeling කියලත් කියනව. මේවා වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය scrub පාවිච්චි කළ නොහැකි මුහුණු සඳහායි. නමුත් ඕනෑම කෙනෙකුට මේවා පාවිච්චි කරන්න පුලුවන්.
ලංකාවේ නම් මේ සත්කාරය කරන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරු පමණයි. විශේෂයෙන් කුරුලෑ සහිත ලප කැළැල් ඇති මුහුණු සඳහා මෙම ප්‍රතිකර්මය සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් සති තුනකට වරක් කරන මෙම සත්කාරය ඉතාමත් සාර්ථකයි . සාමාන්‍ය scrub එකකට වඩා ගැඹුරින් මැරුණු සෛල ඉවත් වීමක් මෙහිදී සිද්ධ වෙනවා . මම මගේ මුහුණේ exfoliating කටයුත්ත කරන්න කැමතිම මේ විදියටයි. කුරුලෑ තිබුණත් නැතත්. වියදම් ටිකක් අධික වුනත් ප්‍රතිඵල ඉතා විශිෂ්ටයි. මෙහි දී salicylic/ lactic / glycolic වැනි acid පාවිච්චි කරල සියුම්ව අපිචර්මය පිලිස්සීමකට ලක් කරනව. සතියක් යද්දි ඒ සම ඉවත් වෙලා නිකැලැල් අලුත් සමක් ලැබෙනව. ඇතැම් විට මුල් සතියේදී සමේ තද පැහැයක් දකින්න පුලුවන් වුනත් ඒක තාවකාලිකයි.
? ඒ වගේම මම මුලින් සඳහන් කළ mechanical වර්ගයට අයත් වෙන තවත් සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ ක්‍රමයක් තමයි microdermabrasion. Dermerbration වර්ග දෙකක් තිබෙනවා . නමුත් වඩාත් සුදුසු වන්නේ microdermabrasion . අනිත් dermerbration වර්ගයේදී සුවකළ නොහැකි අවපැහැවීම ඇති වෙන්න පුළුවන්. මේකටත් මම පළපුරුදු ශිල්පිනියක් . මගේ රූපලාවන්‍යාගාරයේ මේ සත්කාරය මම කරනවා. සාමාන්‍ය scrub එකකට වඩා නමුත් chemical exfoliating වලට අඩුවෙන් මැරුණු සම ඉවත් වෙන නිසා ප්‍රතිඵල සාමාන්‍ය scrub එකකට වඩා ඉතා ඉහළයි. සති දෙකෙන් දෙකට වාර දහයක් නොකඩවා කළ පසු කැලැල් වල ගැඹුර සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා . පැල්ලම් මැකී යනවා. pigmentations අවම වෙනවා.
මේ ලිපිය සකසල පල කරන්න මට සම්පූර්ණයෙන් පැය පහක කාලයක් ගත වුණා. ඒ අතරෙදි සැරින් සැරේ මේ සමූහයට ඇවිත් ඉන්න හරි හමන් දෙමව්පියන් නැති, ජීවිතේ වරද්දගත්ත මිනිස්සු අපිටත් වරද්දන්න කරන උත්සාහයන් විසඳන්නත් සිද්ධ වුණා. එයාලගේ අරමුණත් ඒකමයි. මේ සමුහයේ ගුණාත්මක බව විනාශ කිරීම.

(Beauty Secrets with Rapunzel)