සාමාන්‍යයෙන් රූපලාවන්‍යයේදී අපි ජලවාෂ්ප (හුමාලය) පාවිච්චි කරනවා සමේ රෝම කූප විවෘත කරගන්න. මේක බහුල වශයෙන් පාවිච්චි කරන්නේ මුහුණට කරන සත්කාරවලදි. මුහුණට සත්කාරයක් කරගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය ඕනෑම කෙනෙකුට මේ අත්දැකීම විඳින්න ලැබෙනවා.
සාමාන්‍යයෙන් ජලය වාෂ්ප නැත්තං හුමාලය බවට පත්වෙන්නේ සෙල්සියස් අංශක 100 දි. නටන උණු වතුරෙන් පිච්චෙනවට වඩා බරපතල හානි වෙන්න පුළුවන් මේ හුමාලය නිසා පිළිස්සීමට ලක් වුණොත්. ඉතින් රූපලාවණ්‍යාගාරයේ දී හුමාලයත් එක්ක වැඩ කරද්දි අපි හරිම පරිස්සමෙන් අවධානයෙන් තමයි කරන්නෙ.
මුහුණත් අදාල උපකරණයත් අතර තිබිය යූතු දුර පවත්වා ගනිමින්, ඒ ගැන අවධානය යොමු කරමින් බොහොම පරිස්සමෙන් තමයි අපි හුමාලය එක්ක ගනුදෙනු කරන්නෙ. රූපලාවණ්‍ය සත්කාර වලදී සමේ සිදුරු විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒවා තුළ රැඳී ඇති තෙල්, කුණු, දුහුවිලි, ආලේපන ආදී දේවල් ඉතා පහසුවෙන් ඉවත් කර ගැනීමට මාර්ගය සකස් කර ගැනීමයි.
අපේ කාර්යය අවසන් වුණාට පස්සේ අපි අනිවාර්යෙන් කරන දෙයක් තමයි මේ බලෙන් හුමාලය අල්ලලා විවෘත කරගත් සිදුරු නැවත තිබුණ තත්ත්වයට පත් කිරීම. මේක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූපලාවන්‍යාගාවල දී නම් ඒවාට විශේෂයෙන් නිෂ්පාදනය කළ ආලේපන වර්ග තිබෙනවා. අපි සාමාන්‍යයෙන් toner කියලා පාවිච්චි කරන්නේ අන්න ඒවා තමයි. ඒවා හොයාගන්න නැතිනම් සරලම, හොඳම විදිය තමයි සීතල වතුරෙන් මුහුණ සේදීම. එහෙමත් නැත්නම් අයිස් කියුබ් සත්කාරය. ඔය මොන විදිහකින් හරි ඇරගත්ත සිදුරු වහගන්න වෙනවා.
දොරක් ඇරියා නම් යුතුකම වහන එක නේ.
මම මගේ සේවාලාභීන්ට උපදෙස් දෙන්නේ නෑ කවදාවත් ගෙදරදි හුමාලය අල්ලන්න කියලා. මොකද ඒක අනවශ්‍ය වැඩක්. සිදුරුත් එක්ක හරියට ගනුදෙනු කරන්න හැමෝටම බෑ ?
ඉතින් හිතුමතේ හුමාලය අල්ලලා අනවශ්‍ය විදිහට මුහුනේ සිදුරු විවෘත කරගෙන දොඩම් ලෙල්ලක් ස්වරූපයට මුහුණේ සම පත් කරගෙන ඉන්න අය මට හමුවෙනවා. ඇත්තටම දොඩම් ලෙල්ලක සිදුරු විදිහට පත්වෙච්ච සමක් යථා තත්ත්වයට පත් කරන්න කාලයක් යනවා. ඒ වගේම ඒවා ආසාදනවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩියි.
අනිත් කාරණය තමයි ගෙදරදි ඒ සඳහා අනුමැතිය නොදීමට ලොකුම හේතුව හුමාලය ඇස වටා සමට සුදුසු නොවීම. ඇස වටා තියෙන සම ඉතා සියුම්. ඒ වගේම ඒ හුමාලය ඇසට වුණත් හොඳ නෑ. රූපලාවණ්‍යාගාරයේ දී අපි ඒ අවස්ථාවේදී ඇස් දෙක පුලුන් වලින් ආවරණය කරනවා. නමුත් ගෙදරදි කරනකොට ඒක එහෙම වෙන්නේ නෑ. ඉතින් මම දන්න තරමට මුහුණේ සමට ලොකු හානියක් වෙනවා හිතුමතේ හුමාලය ඇල්ලීම නිසා.
හරි දැන් මම එන්නම් මාතෘකාවට. මේ ලෝක වසංගතයක් එක්ක ප්‍රසිද්ධ වෙනවා හුමාලය ඇල්ලීම corona virus එකෙන් බේරීමට එක මඟක් බව. ඉතින් අපේ ජනතාව ඉවක් බවක් සහ තේරුමක් නැතුව හුමාලය අල්ලනවා. මේ ව්‍යසනය පටන් ගත්තු දවසේ ඉඳන්ම අද වෙනකල් corona virus එකෙන් බේරීමට මම හුමාලය ඇල්ලුවෙ නෑ. මම කොහොමත් ඇදුම රෝගියෙක්. නමුත් එය ඉතා හොඳින් පාලනය කරගෙන ඉන්න කෙනෙක්. සෙමත් ඇති වෙන්න තියෙනව.
මීට අවුරුදු කීපයකට කලින් මගේ පවුලේ වෛද්‍යවරයා දීපු උපදෙසක් තිබුණා. මට කැස්ස හෙම්බිරිස්සාව හොඳටම වැඩි වෙලා ගිය අවස්ථාවක ඖෂධ නියම කරමින් උපදෙස් දෙමින් මට තරයේ කියා සිටියා හුමාලය අල්ලන්න එපා කියලා. එතකොට මම පුදුම වුණා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ හැමෝම හුමාලය අල්ලනවා නේද සෙම හැදුනහම කියලා. එතකොට ඔහු කිව්වා. ඔව් හැමෝම අල්ලනවා තමයි. කැස්ස හෙම්බිරිස්සාව හතිය හැදුනහම මිනිස්සු නාන්නෙවත් නෑ වතුරට බයේ. හැබැයි බය නැතුව හුමාලය අල්ලනවා. හුමාලය මුලදි වගේම අන්තිමේදීත් වතුරනෙ. සෙම තියනකොට වතුර හොඳ නෑ කිය කිය පෙනහලු වලට හුමාලය අල්ලලා ඒක වතුරවලින් පුරෝගන්නෙ අපිමයි. ඉන් පස්සේ පෙනහලුවල සෙම වැඩි වෙනවා හේතුවක් හොයා ගන්නත් නෑ. නාලත් නෑ ඇඟ හෝදලාත් නෑ නමුත් පෙනහලු වල සෙම වැඩිවෙනවා දන්නෙම නැතුව. ඒකට හේතුව දැනුමක් නැතුව කරන හුමාලය ඇල්ලීම බව.
ඉතිං හැමදේකම විද්‍යාත්මක පැත්ත හොයන මට එකේ ලොකු සාධාරණ කමක් දැනුන. ඒක ඇත්තනෙ. අපි කටින් හරි නහයෙන් හරි හොඳට හුමාලය ඇදලා ඒක පෙනහළු වලට පුරව ගත්තම අන්තිමට පෙනහලු වල ඉතුරු වෙන්නේ වතුර නෙමෙයි ද ?. මේ corona virus ව්‍යාප්තියත් එක්ක වාෂ්ප අල්ලන්න කියනකොට මට ලොකු ප්‍රහේලිකාවක් දැනුනා. ඒ නිසා නිකනුත් අසනීපය හැදුනා වුනත් මම හුමාලය අල්ලන්න ගියේ නෑ. මොකද බය හිතුණා අර උපදෙස මතක් වෙලා. නිකමට හරි පපුවේ සෙම වැඩි වුනොත් ඒක භයානක විය හැකි නිසා.
අනෙක් කාරණාව තමයි corona virus එක විනාශ වීමට නම් 60c° උෂ්ණත්වය එක දිගට විනාඩි කිහිපයක් වෛරස තම සමග ගැටිය යුතුයි. ඉතිං හුමාලය අල්ලන ඔබ ඒ ගැන දැනුවත්ද ?
We provide a reasonable estimate for near complete thermal destruction of coronavirus. For temperatures above 65°C (149°F) is expected to cause near complete inactivation with exposures greater than 3 minutes. For temperatures between 55 and 60°C (131‐140°F) heating should last 5 minutes or more. However, for temperatures in the range 50‐55°C (122‐131°F) we recommend 20 minutes or longer of exposure. At these levels, we expect the viral concentration to be lowered by log 5‐7, near or below the detectable limit.
මේ හුමාලය ඇල්ලීම ගැන මාධ්‍යවල සහ වෛද්‍යවරුන් නොයෙකුත් මති මතිමතාන්තර දක්වද්දී මම කල්පනා කලේ පෙනහලු වල සෙම තියෙන covid රෝගියෙක් තව තවත් හුමාලය අල්ලද්දි ඒ හුමාලය නිසාම ඔහු කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ අවදානමක් නැද්ද .? මම හිතන්නේ තියෙනවා ඇති. එහෙම නැත්නම් ඒ ගැන දන්න වෛද්‍යවරයෙක් මේ ගැන පහදාවි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතින් මම මේ ලිපිය ලියන්න හේතු උනේ ඊයෙ රාත්‍රීයේ රූපවාහිනි නාලිකාවක ගිය ප්‍රවෘත්තියක් නිසයි. covid ව්‍යාප්තිය පටන් අරන් අවුරුදු එක හමාරකට පස්සේ ඊයේ ප්‍රවෘත්තිවල කියනවා හුමාලය අල්ලන්න නමුත් කටින් අරන් නහයෙන් පිට කරන්න කියලා. ඒ නොකියා කියන්නේ පෙනහළුවලට ඒක පුරව ගන්න එපා කියලා නේද කියල මට හිතුණා. ඒ වගේම ඒක මාධ්‍යයෙන් නවැරදිව ප්‍රචාරණය කරන්න අවුරුදු එකහමාරක් ගත වීම ගැන ලොකු කනගාටුවක් දැනුනා. ඉතිං හුමාලය අල්ලන ඔබ ඒ ගැන කොයිතරම් දැනුවත් ද ?
කොහොම උනත් මම අදටත් facial එකකදි හැර හුමාලය නම් අල්ලන්නෙ නෑ.
(Beauty Secrets with Rapunzel)