Thursday, April 25, 2024
Follow Us
Conditioner types and uses

? අපි මීට කලින් shampoo conditioner කරන හැටි එක සාමාන්‍ය විදිහට සාකච්ඡා කරලා තියෙනවා. shampoo ගැන නම් හොද ෂැම්පු එකක් තෝරගන්න හැටි කොහොමද කියලත් සාකච්ඡා කලා. නමුත් ඔයාලා හැමදාම අහන ප්‍රශ්නයක් තමයි leave on conditioner කියන්නේ මොකක්ද....ඒක පාවිච්චි කරන්නෙ කොහොමද ....කියන එක. ඉතින් මට හිතුනා අද මේ conditioner ගැන කතා කළොත් හොඳයි කියලා.


? ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන කන්ඩිෂනර් වර්ග තුනක් තියෙනව.
?day-to-day (normal ) conditioner
?deep conditioner
? leave on/in conditioner
අපි බලමු මේ එකිනෙකින් වෙන සේවය මොකක්ද සහ ඒවා පාවිච්චි කරන විදිහ කොහොමද කියලා
? Normal conditioner (day-to- day )
මේ තමයි ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන කන්ඩිෂනර් වර්ගය. මගේ ක්‍රමයට අනුව නම් කෙනෙක් අනිවාර්යෙන්ම දිනපතා ෂැම්පු දාලා හිස සෝදලා පිරිසිදු කර ගන්න ඕනේ... ඒ එක්කම ඔයා දිග කොන්ඩයක් පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා නම්... මම කියන්නේ අඩුම ගානෙ බෙල්ල ලඟටවත් දිග කොන්ඩයක් ඔයා පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම්.... ඒ කෙස් ගස් වල නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා දිනපතා ෂැම්පු කරලා හිසේ සම පිරිසිදු කරගෙන, අනිවාර්යෙන්ම කෙස් ගස් වල ආරක්ෂාව සහ නිරෝගී බව පවත්වා ගැනීම සඳහා සාමාන්‍ය කන්ඩිෂනර් එකක් පාවිච්චි කළ යුතුමයි.
එහෙම කළේ නැත්නම් කොණ්ඩය ගැට ගැහුනු , වියලි, පීරීමට අපහසු, පහසුවෙන් කැඩෙන, පිම්බුණු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. කඩා හැලෙන silky නිරෝගී පෙනුමක් ඇති කොණ්ඩයක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් ම දිනපතා ෂැම්පු කිරීමෙන් පස්සේ conditionar කරලා ඉතා හොඳින් සෝදා ඉවත් කළ යුතුමයි.
මේ conditionar වර්ගයෙන් සිද්ධවෙන්නේ කෙස් ගහේ මතුපිට සිවිය (කියුටිකල්) එක විවෘත වෙලා තියෙනවා නම් ඒක වහලා දාලා කෙස් ගස් වලට සුමුදු නිරෝගී පළුදු නොවූ ස්වභාවයක් ගෙන දෙන එකයි. කොහොම වුණත් මේ සාමාන්‍ය conditioner කෙස් ගස්වල ගාලා විනාඩි දෙක තුනක් තියලා හොඳින් සෝදලා යවන්න ඕන. youtube video වල... සමහර රූපලාවණ්‍ය ශිල්පිනියන්.... රූපවාහිනියෙ... ඔයාලට උපදෙස් දේවි මේ conditioner බාගෙට සෝදලා දාන්න... සියයට තිහක් ඉතුරු කරන්න වගේ සුරංගනා කතා... මේවා කෙස් ගස් වල ඉතුරු කිරීමෙන් ඔයාට කිසි ම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ අවාසිදායක තත්වයක් මිසක්....
අනිත් එක මම නම් හිතන්නේ කවුරු මොනවා කිව්වත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් අකුරු කියවන්න.... ඕනම නිෂ්පාදනයක පාවිච්චි කිරීමට උපදෙස් කියලා ජාතියක් සඳහන් වෙනවා...කියවලා බලන්න ඔයා පාවිච්චි කරන conditioner එකේ සඳහන් කරල නැද්ද කියලා හොඳින් සෝදා යවන්න කියලා. වැරදි උපදෙස් දෙන මිනිස්සුන්ට බනිනවට වඩා හොඳයි තමන්ට දීලා තියෙන උපදෙස් පිළිපදින එක.
? Deep conditioner
මේවා විශේෂ සත්කාර. Hair mask උනත් අයිති වෙන්නෙ මේ ගණයට. හැබැයි හෙයා මාස්ක් වර්ග ඕනෑම හිසකෙස් වර්ගයකට සුදුසු උනාට මේ ඩීප් කන්ඩිෂනර් හැම කෙස් වර්ගයකටම සුදුසු නෑ. ඔයාගේ කොන්ඩෙ සාමාන්‍ය හෝ තෙල් සහිත නම් මේවා පාවිච්චි කරන්න අවශ්‍ය නෑ. මේ කන්ඩිෂනර් වර්ග විශේෂයෙන් නිපදවලා තියෙන්නේ වියළි සහ පලුදු වූ හිසකෙස් සඳහා. එතකොට chemical damage හෝ වෙනත් හේතු නිසා පළුදු උන කොණ්ඩ වලටත් මේක තමයි පාවිච්චි කරන්නේ...
හැබැයි දිනපතා නෙමෙයි. අවශ්‍යතාවය අනුව සාමාන්‍යයෙන් සතියකට සැරයක් සති දෙකකට සැරයක්, හෝ තුනකට සෑරයක් එහෙමත් නැත්නම් මාසෙකට සැරයක් කලහම ඇති. මොකද මේවා වල රසායන ද්‍රව්‍ය වැඩියි. මේවායින් කෙස් මතුපිටින් විතරක් නෙමෙයි තෙතමනයක් ලබා දෙන්නේ කෙස් ගස් ඇතුළටත් මේ ආලේපන ගිහින් තැන්පත් වෙනවා. ඒ නිසා deep conditioner treatment එකක් කළාට පස්සේ සාමාන්‍යයෙන් සතියක් විතර යනකල් කොණ්ඩෙ හොඳ තත්වයෙන්, හොඳ පෙනුමකින් තියනවා.
අපි rebounding කලහම දවස් තුනකට පස්සේ සැලුන් එකට එන්න කියලා කරන්නේ මෙන්න මේක තමයි. කිරීම අත්‍යවශ්‍ය නැති උනත් කළොත් හොඳයි. හිසකෙස් හොඳින් සෝදලා ඉන් පස්සෙ වතුර මිරිකලා බේරෙන එක ඉවත් කරලා හැම කෙස් ගහටම මේක ගාලා මිනිත්තු තිහක් විතර ඉන්න. ඉන්පස්සෙ සෝදා ඉවත් කරන්න පුළුවන්. මේවාත් ඉතා හොඳින් සෝදලා යවන්න ඕන. Salon වලදී නම් hood steamer එක පවා පාවිච්චි කරනවා කොන්ඩෙට මේවා දාලා. නමුත් අත්‍යවශ්‍ය නෑ.
? Leave on / in Conditioner
ඉහත සඳහන් කළ වර්ග දෙකටම වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්. මේක පාවිච්චි කරන්නේ ඔයා සාමාන්‍ය විදිහට කොන්ඩෙ සෝදලා ඉවර උනාට පස්සෙයි. ඒ.කියන්නෙ shampoo conditioner කලාට පස්සෙ. මේක කොණ්ඩෙ පාලනයට තෙල් ගානවා වගේ වැඩක්. මේක වැටෙන්නේ styling product එකක් හැටියට. අපේ නෑමට මේක කිසිම සම්බන්ධයක් නෑ . මේවා පාවිච්චි කරන හැටි අපි curly hair post එකේ සඳහන් කරල තියෙනවා.
කොහොම නමුත් අනිත් දෙකටම වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගෑවට පස්සේ සෝදලා යවන්නේ නැහැ. ගාන්න ඕනමයි කියල නියමයක් නෑ. කොණ්ඩෙ පාලනය කරන්න ඕනෙ කියල හිතෙනව නම්, අවුල් වෙනවා වැඩියි නම් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. මේක කෙස් ගහ වටේ රැඳෙනවා විතරයි. කොන්ඩේ වේලල ගානවද... බාගෙට තෙත තියෙද්දි ගානවා ද...කියන එකත් ඔයා තමයි තීරණය කරන්න ඕන කොණ්ඩෙ අනුව...
? ඔන්න ආයෙ නම්...මේ conditioner ප්‍රශ්නෙ අහන්න ඕන වෙන එකක් නෑ අපේ ළමයින්ට...... ඉතින් මේකේ කමෙන්ට් කරද්දි අමතක කරන්න එපා ඔයාලා පාවිච්චි කරන conditioner එකේ ෆොටෝ එකකුත් දාන්න මේ වර්ග තුනෙන් කොයි වර්ගය ද කියලත් සඳහන් කරන්න. මම ඉන්නවා පලවෙනි කමෙන්ට් එකේ ??? පිළිවෙලට තුනම තියල ?

(Beauty Secrets with Rapunzel)