Tuesday, April 23, 2024
Follow Us
REASONS FOR UNDER EYE DARKNESS

?කාන්තාවන් දහ දෙනෙක් ගත්තොත් ඇස වටා ප්‍රදේශය පිළිබඳ ප්‍රශ්න, විශේෂයෙන් ඇස යට ප්‍රදේශය කලු වීම කියන ප්‍රශ්නය පස් දෙනෙකුට වත් තිබෙනවා. බොහෝ සමූහයන් වල නොයෙක් අවස්ථාවලදී දැකලා තියෙනවා ඒ සඳහා උදව් ඉල්ලනවා. ඒවට උත්තර සපයන අය කවදාවත් එයාලගෙන් අහන්නෙ නෑ ඇයි මෙහෙම වුනේ කියලා.


? අපි යම්කිසි තත්ත්වයකට ප්‍රතිකාරයක් නියම කරන්න කලින් ඒ ප්‍රශ්නය තිබෙන කෙනාට ලෙඩේ තත්වය පහදලා දෙන්න ඕනේ. එහෙම නැති වුනොත් එයාලා ප්‍රතිකාර හරියට ගන්නෙ නැහැ. ටික දවසක් කරල අත අරිනව ප්‍රතිඵල නැහැ කියලා.
? මොකද මේ ඇස් යට කළු වීම කියන එක ලේසියෙන් හොඳ කරන්න බැහැ . විශේෂයෙන් කාලයක් තියෙන එකක් නම් කාලයක් තිස්සේ බේත් කරන්න ඕනේ.
? මොනවා හරි ප්‍රශ්නයකට ප්‍රතිකාරයක් නියම කලහම හුඟක් අය අහනවා කොච්චර කල් මේක ගන්න ඕනෙද....... කොච්චර කල් මේක කරන්න ඕනෙද...... කියලා. මේකට උත්තරේ නම් හරිම සරලයි මම දෙන පිළිතුර තමයි ***ලෙඩේ හොඳ වෙන කල්*** කියන එක. අපි මොනවා හරි ලෙඩකට බේතක් ගන්නවා නම් අපි ඒ ලෙඩේ හොඳ වෙනකල්ම ප්‍රතිකාර කරනවනේ. ඉතින් මේකත් එහෙම තමයි.
? නමුත් අපේ කාන්තාවන්ට ඕනේ ක්ෂණික ප්‍රතිඵල. ඉතින් මේ ගැන කතා කථා කරන්න කලින් මං ඔයාලට කියන්න ඕනේ මේකට ක්ෂණික ප්‍රතිඵල නැති බව. හේතුවට අනුව ගන්න කාලය වෙනස් වෙනවා සමහරවිට කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මමත් එහෙම කෙනෙක්. කවදාවත් හොඳ වෙන්නේ නැති ඇස යට අඳුරු පැහැයක් මගෙත් තියෙනවා. මට කරන්න තියෙන්නේ ඒක වැඩි කරගන්නේ නැතුව ඉන්න එකයි. ඉතින් ඒකටත් ප්‍රතිකාර කරන්න ඕනෙ.
? කොහොම උනත් අපේ හිසකෙස් ගැලවිලා යන්නත් හේතු තිබුණා වගේම මේ ඇස වටා අඳුරු ප්‍රදේශයක් ඇති වීමටත් හේතු තියනවා. ඇත්තටම බැලුවාම හිසකෙස් ගැලවී යාම ඇස වටා අඳුරු ප්‍රදේශ ඇතිවීම බොහෝ විට අපේ නොසැලකිලිමත් කම නිසා ම වෙන දේවල්. එහෙම නොවෙන අවස්ථාත් තිබෙනවා .
?කොහොම උනත් අපි ප්‍රතිකාරයක් නියම කරද්දි ඒ ප්‍රතිකාරය ගන්න කෙනාට තේරුම් කරවන්න ඕනෙ මෙහි තත්වය ගැන. නැත්නම් ඉතින් මුල් දවස් වල ඉතාමත් උනන්දුවෙන් ප්‍රතිකාර කරනවා. සතියකින් විතර ඒ උනන්දුව නැතුව ගිහින් වැඩේ අත අරිනවා. ඒ නිසා අපි මේ තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද කියලා පළමුව සොයලා බලමු.
?නින්ද අඩු කම
*මෙය බොහෝ දෙනෙකුට බලපාන ප්‍රධානම හේතුවයි. අපි හැමෝම දන්නවා දවසේ පැය 24න් පැය අටක් වත් අපි නින්දට කැප කළ යුතු බව. පැය දහසයක් අවදි ව සිට වෙහෙසිලා ක්ෂය වන ශක්තිය නැවත ඇඟට ලබා ගැනීමටත් විවේකයක් ලබා දීමටත් මේ නින්ද හුඟාක් වැදගත්. මේ රාත්‍රී කාලයේදී ලබා ගැනීමෙන් තමා මෙය දවසේ අනිවාර්ය අංගයක් විය යුතුයි. දරුවෙක් ලැබුණු පසු අනිවාර්යෙන් මාස හයක් පමණ යන තෙක් අම්මා කෙනෙක් නිදි වරනවා. ඒ කාලයේදී දරුවා වෙනුවෙන් දවසම කැප වෙලා රෑටත් අවදි වෙලා ඉන්න සිද්ධ වෙන නිසා නියම ප්‍රතිඵල අත් වෙන්නේ නැහැ ප්‍රතිකාර කලාට. නමුත් ප්‍රතිකාර කිරීමෙන් තත්ත්වය උග්‍ර වෙන එක අවම කරගන්න පුලුවන් .
අලුත් අම්මා කෙනෙක්ගේ ඇස් වටේ කලු වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද කිරි දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට ඇස් වල එක එක දේවල් ගාගෙන ඉන්න බැහැ වගේම එක එක දේවල් ඇස් වල තියාගෙන විනාඩි විස්සක් ඒ වෙනුවෙන් කැප කරන්නත් බැහැ. ඉතින් මේ නිදි වැරීම ඔබ නවත්තන තාක් කල් ඔබගේ ඇස් වටා ඇති කලු පැහැය ඉවත් කර ගන්නට අමාරු යි . නමුත් යම් යම් ප්‍රතිකාර කිරීමෙන් එය අවම කර ගත හැකියි.
? අධික මහන්සිය සහ මානසික විවේකය
අඩු කම (exhausting and stress)
?පරිගණක සහ photo copy machine
භාවිතය, tube light වලට එක දිගට
නිරාවරණය වීම සහ එක දිගට
රූපවාහිනිය නැරඹීම.
?බාල වර්ගයේ අව් කණ්ණාඩි සහ ඇස්
ආලේපන භාවිතය.
?ආරය
* ආසියානු කලාපයේ ජීවත්වන අපේ ඇහේ සම වටා ස්වභාවයෙන්ම මෙලනින් වර්ධනය වීම වැඩියි. ඒ අතර සමහර අයගේ සාමාන්‍ය තත්වයට වඩා මේ තත්ත්වය වැඩිවෙනවා. ඔබට මෙය මවුපියන්ගෙන් ලැබුණ දායාදයක් විය හැකිය සහනයක් ලබා ගන්නට බැරි එකම කාරණාව මෙයයි.
?වයසට යෑම.
* වයසට යාමේ දී අපේ සම වඩ වඩාත් තුනීවෙනවා . ඇස් වටා තිබෙන සම තමයි අපේ ශරීරයේ තියෙන තුනීම හම. ඉතින් වයසට යද්දී තව තවත් තුනී වෙද්දි සහ සම හැකිලෙද්දී මේ අඳුරු පැහැය එන්න පුළුවන් වගේම ශරීරයේ අනිත් තැන් වලට වඩා ඉක්මනින් රැලි ඇතිවෙනවා.
?යම් යම් අසාත්මිකතා නිසා(eczema වැනි)
ඇස් කැසීම
*අපි දන්නා පරිදි ඇස පිහිටා තිබෙන්නේ කුහරයක් තුළයි අපි අතින් තෙරපන විට ඒ සම මත ඇති සියුම් කේශනාලිකා පුපුරනවා ඒ නිසා පිටතට ඇස වටා ප්‍රදේශයේ කළු පැහැයක් පේන්න ගන්නවා.කොයි වෙලාවකවත් ඇස් කසන්න හොඳ නැහැ.
? ඇස් වල පිහිටීම යටට ගිලී ගිය
ස්වභාවයක් දක්වයි නම්.
*මෙය උපතින් ලැබෙන දායාදයකි.
?ඇස් යට සම තුනී වීම නිසා නහර
පෙනෙන්නට ගැනීම හේතුවෙන්.
?හිරු එළියට නිරාවරණය වීම.
?පෝෂණ ඌනතා.
* යකඩ, B12,vitamin K වැනි
?හෝමෝන අසමතුලිතතා නිසා.
?අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම.
? දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය.
?නිතර අඬා වැලපීම.
දැන් ඉතින් ඔයාලා වෙනදා වගේම මට කියන්න ඔයාලත් මේ ප්‍රශ්නය තිබෙනවද ?. තිබෙනවා නම් මොකක්ද හේතුව ?????
ඊළඟ ලිපියට
https://m.facebook.com/groups/1976549422649790/permalink/1981856465452419/

(Beauty Secrets with Rapunzel)