Friday, April 26, 2024
Follow Us
පිළිවෙලක් නැති දත් හා braces

මුලින්ම කියන්න ඕනේ මම dental doctor කෙනෙක් නෙමෙයි. මං මේ article එක ලියන්නේ අවුරුදු 5ක් braces දාගෙන ඉදල එකතු කරගත්ත දැනුම වගේම අත්දැකීම් තියන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. ඒ හින්දා මහා බැරෑරුම් ප්‍රශ්න වලට මට උත්තර දෙන්න නම් බෑ. group එකේ ඉන්න doctors මන් කියන දේවල් වැරදි නම් ඒවා නිවැරදි කරලා දෙන්න කියල ඉල්ලා සිටිනවා. මන් මේක ලියල්ල හිතුවේ motivation එකක් විදිහට. මොකද ගොඩක් වෙලාවට දත් අපිළිවෙල අපේ personalty එකට ප්‍රශ්නයක්. ඕක තේරෙන්න ටික කාලයක් යනවා. එතකොට අපිට ඕනේ කියල හිතුනත් වැඩිහිටියෝ ඕකට ළමයි motivate කරන්නේ හරි අඩුවෙන්. එත් මට ඒ motivation එක උපරිමෙන් හම්බුනා ගෙදරින්. අපේ අම්මි අප්ප්ච්චිමයි braces දාමු කියල හැම දේම බලලා කලේ. ඉතින් එහෙම නැති කට හරි කමක් නෑ දත් පෙන්නලා හිනා වෙන්නේ න කියල හිත හදාගෙන ඉන්න අයට motivation එකක් වෙන්නයි මන් මේ ලියන්නේ!


ඊළගට කියන්න ඕනේ, දත් වල හිදැස් ඉස්සරහට ආපු දත්, පස්සට ගිය දත් ඔය ඕනේ දතක් හොද විකලාංග දන්ත වෛද්‍ය වරයෙක්ට හදන්න පුළුවන්.
වයස ප්‍රශ්නයක් නැ. අවුරුදු 14න් 16න් හදන්න පුලුවන් නම් හොදයි. එත් සමහර දත්වල ප්‍රශ්න එලියට එන්නේ ඔය වයස පැන්නම. මට උනෙත් එක. එතින් වයස ප්‍රස්නයක් කරගන්න එපා කවදාවත්ම.
දත් ඇදි 2ටම දානවද නැද්ද කියන එක තීරණය කරන්නේ doctor. සමහරුන්ට operation කරන්නත් වෙනවා. ඒ හැමදේම තීරණය කරන්නේ doctor. වියදම තීරණය වෙන්නේ ඔය හැමදේමටම. ඒ නිසා මිල කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්.
මගේ දත් ඉස්සරහට තිබුනේ නෑ, මගේ එකම එක උඩු ඇන්දේ දතක් ඉස්සරහ ඇවිල්ල තිබුණා. ඕක හදන්න දුක් විදින්න එපා කියල තමයි හැමෝම කිව්වේ ඉතින්.
මුලින්ම මම නිතරම යන dental doctor දුන්නා retainer එකක්. අපි කියන්නේ plate කියලා මේකට. ඕනේ වෙලාවට අතින් ගලවන්න පුළුවන්. මටම තේරුණා එක තේරුමක් නෑ කියලා. පස්සේ doctors ල කීපදෙනෙක් හම්බෙලා procedure එක ගැන කතා කළා. 3න් දෙනා කිව්වේ 3න් විදිහක්. මට හොදයි කියල හිතුන වගේම හැමදාම clinic එකට එක doctor ව තමයි මන් තෝරාගත්තේ. මොකද පොඩි හරි ප්‍රස්නයක් උනොත් හම්බෙන්න ලේසි නම් පහසුයි නෙහ්.
මම මුලින්ම doctor ලගට ගියාම මගේ විදුරුමස් වල තිබ්බ පොඩි infection එකක්. මුලින්ම එක සුව කරගන්න කිව්වා. දවසකට 6 පාරක් දත් මැද්ද with mouthwash. හැබෙයි බොහොම හෙමින්. මාසෙකින් ගියාම braces දාන්න පුළුවන් කිව්වා.
ගොඩක් වෙලාවට දත් 4ක් ගලවනවා. උඩු ඇන්දේ 2යි පහලින් 2යි. මගේ නම් ගලවන්න උනේ 2 විතරයි. දත් 2 ගැලෙව්වේ දවස් 2ක. තුවාල සනීප උනාම braces දැම්මා. braces ක්‍රියාවලියට ගන්න බඩු සෙට් තියනවා. ඒ ගැන පොඩි විස්තරයක් රූප එක්ක දාන්නම්.
Brackets - දත උඩ අලවල තියන පොඩි මල වගේ මෙටල් කෑල්ල.
Arch-wire - brackets අතරින් ගිහිල්ලා තියන කම්බිය. මේකෙත් දත් වලට pressure එක හම්බෙනවා.
Ligature - arch-wire එක brackets එක්ක සම්බන්ද කරන රබර් බෑන්ඩ් එකක් වගේ දෙයක්.
Elastic bands/power chains - මේවයින් දත් වලට යොදන pressure එක වෙනස් කරන්න, වැඩි කරන්න, එකිනෙකට සාපේක්ෂව දත් move කරන්න යොදා ගන්නවා
Forsus - ගොඩක් ලොකු pressure එකක් ඕනේ නම් තමයි මේක use කරන්නේ
braces එක්ක ජිවිතේ ගෙවුන හැටි කියන්නම්කො මං.
දාපුවම රිදෙනවද? ඔව් ? braces වලදී කරන්නේ දතට පීඩනයක් යොදලා දතේ පිහිටීම වෙනස් කරන එක. ඉතින් ඒ පීඩනය එක්ක කාලෙන් කාලෙට රිදෙන එක නොර්මල්. ඒ වගේම එක එක gadget වලින් ඔය පීඩනය අඩු වැඩි කරනවා.
කන්න බොන්න අමාරුද? හුරු වෙනකල් ටිකක් අමාරුයි. මන් නම් උලා කන දේවල් කැවේම නෑ. අනික හයිය දේවල් කෑවෙත් නැ.
කතා කරන්න අමාරුද? හුරුවෙන කල් තමයි. පස්සේ අවුලක් නැ.
මාසේකට හෝ මාස දෙකකට doctor ව හම්බෙන්න ඕනේ. අවශ්‍ය විදිහට pressure adjustment කරන්නේ එතකොටයි.
සල්ලි? privet කලොත් normally 45 000න් වගේ උඩ ගානක් යනවා. එත් කොටස් වශයෙන් තමයි ගන්නේ හැම තැනම වගේ. ඒ නිසා කලබල නොවී doctors කිපදෙන්ක් හමුවෙලා බලන්න.
දත් සුද්ද කරන්න අමාරුද? ඔව්. මගේ නම් bag එකේ වෙනම purse එකක දාපු පොඩි බ්‍රුෂ් එකක් තිබ්බ. පිටින් කෑවොත් wash රූම් එකෙන් දත් සුද්ද කරගන්නයි එක තියාගත්තේ.
කොච්චර කල් දාගෙන හිටියද මන් නම් අවුරුදු 5ක් දැම්මා. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හදිසි වෙලා ගලවන්න එපා. එතකොට කිසිම ප්‍රයෝජනයක් නෑ. මගේ doctor මව පොරොන්දු කරගත්තා wedding, bridesmaid වගේ ඒවා කියල හරි කාලෙට කලින් ගලවන්න හදන්නේ නැත්නම් විතරක් වැඩේ පටන් ගන්න කියලා. මන් නම් බොහොම ඉවසීමෙන් හිටියා.
braces ගැලෙව්වට පස්සේ, retainer එකක් දුන්න අයෙම. මොකද ගලවපු ගමන් දත් ටික තියෙන්නේ active phase එකේ. ඒ කියන්නේ තාම ඒවගේ ස්ථානය වෙනස් කරගන්න එක නවත්තල නෑ. ඒවා කලින් තිබ්බ තැන් වලට එන එක නවත්තන්න retainer වැදගත්. ඒක ටික කාලයක් හෝ බාවිතා කරන්නම වෙනවා. braces ගැලෙව්වට පස්සේ දත් වෙනස් වෙන්නේ මේ පියවර මග අරියාම.
කාපු කට්ට ගැන සතුටුද? ඔව් ගොඩක්. දත් ටික මාරම ලස්සනයි. දත් අපිළිවෙල ළමයි දෙක්කම දුකයි. ඒ නිසාමයි මේ ලිපියත් ලිව්වේ!
එක doctor කෙනෙක් ගාවට විතරක් ගිහින් තීරණ ගන්න එපා. කීපදෙනෙක් හමුවෙලා කතා කරන්න. එකිනෙකාගේ වෙනස් අදහස් එක්ක ඔයාට හිතන්න දෙයක් තියේවි. අන්තර්ජාලයේ ඕනේ තරම් ලිපි තියනවා අ ගැන හොද අදහසක් ගන්න පුළුවන් ඒවායින්.
හිනාව කියන්නේ ජිවිත කළෙම තියන දෙයක්. ඒ වෙනුවන් පොඩි කට්ටක් කෑවට පාඩු නෑ. අනික මේ පොස්ට් කියනවා නම් තරුණ වයසේ දරුවෝ ඉන්න අම්මලා, අපිළිවෙල දත් හදාගන්න එයාලව motivate කරන්න. ???

(Beauty Secrets with Rapunzel)