Thursday, March 28, 2024
Follow Us
 Keretin straightning

✔️කොන්ඩය කෙලින් කිරීම එහෙමත් නැත්නම් rebounding, relaxing කිරීම ගැන අපි මේ වෙනකොට සමූහයේ සාකච්ඡා කරලා ඉවර කරල තියෙනවා. ඒවා සාකච්ඡා කරගෙන යන අතරේ විටින් විට ඔයාල අහපු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි keretin treatment එක ගැන. මේක keratin straightening කියලත් හඳුන්වනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඔබේ හිසකෙස්වලට බාහිරින් පෝෂණයක් තාවකාලිකව ලබා දීමයි.


✔️ඇත්තටම හරිම හැඳින්වීම තමයි keratin straightening කියන එක. මොකද treatment නම් ගොඩක් තියනවා කෙරටීන් අඩංගු කන්ඩිෂනර් වර්ග හැටියටත්. එතකොට ඒවා ගාලා පැය බාගයක් විතර තියලා සෝදලා දාන එකත් keratin treatment තමයි. ඉතින් සැලෝන් වලට ගියහම ඔයාලා දන්නේ නැහැනේ මොකක්ද මේ වෙන්නේ කියලා. එක එක අය keretin treatment කියලා එක එක ඒවා කරනවා. කොටින්ම සමහර chemical rebounding cream එකටත් දැන් keratin අඩංගු කරලා හදල එවනවා. ඒ උනාට ඒකෙන් ඩැමේජ් එකේ නම් වෙනසක් වෙන්නේ නැහැ. නිකන් බොරුවට ලොකු ගානක් ඒකට වියදම් වෙනවා විතරයි. සැලොන් නෝනලත් ඒවා ගැන ලොකුවට කතා කරල ලොකු ගාණක් ගන්න කැමතියි නේ. මොකද කෙරෙටින් කිව්ව හැටිය අපේ කාන්තාවො උඩ පනින නිසා රවට්ටන්න ලේසියි. ඔන්න ඔහොම තමයි ඉතිං මගේ අත්දැකීම් ඔය ගැන.
✔️හැබැයි ඇත්තටම ඔයාට මුදල් වියදම් කිරීමේ හැකියාවක් තියෙනවා නම්, කොණ්ඩය straightening කිරීමේ අදහසකුත් කැමැත්තකුත් තියෙනවා නම් chemically ඩැමේජ් කරගන්නේ නැතිව කොන්ඩෙ ලස්සනට කඩා හැලෙන කෙලින් පෙනුමක් හොඳ පිරිපුන් බවක් සමඟම හදාගන්න පුලුවන් මෙන්න මේ keratin straightening එකෙන්.
✔️කෙස් ගහක් chemically damage කලහම ආයෙ ඒක නැවත යථා තත්වයට පත් කරන්න බැහැ. තාවකාලික ව conditioner treatment වගේ දේවල් කර කර පරිස්සම් කරගන්න විතරයි පුළුවන් වෙන්නේ. නමුත් මේ keratin straightening එකේදි හිසකෙස් කිසිම පළුදුවීමක් වෙන්නේ නැහැ. හිසකෙස් ඉතා හොඳින් ආරක්ෂා වේවි.
✔️ හැබැයි Chemical දාලා හදනවට වඩා තුන් හතර ගුණයක් මේකට වියදම් වෙනවා. ඉතින් ඒකට ලෑස්ති වෙලා තමයි ඔයා මේක කරන්න පටන් ගන්න ඕනේ. නැත්නම් ඉක්මනටම කොණ්ඩෙ තිබුන තත්වෙට පත් උනහම ඔයා බනින්නෙ අර ට්‍රීට්මන්ට් එක කරපු කෙනාට. ඒ නිසා අවබෝධයක් ඇතුව දෙයක් පටන් ගමු.
✔️අපේ කෙස් ගස් හැදිලා තියෙන්නේ කෙරෙටින් කියන මැරුණ ප්‍රෝටීන සෛල වලින් කියලා මම ඔයාලට කලින් පැහැදිලි කරල දීලා තියෙනවා. යම් යම් හේතූන් නිසා හානි උන මේ කෙස් ගස්වලට බාහිරින් අපි conditioner වගේ දේවල් පාවිච්චි කරල හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න උත්සාහ කරනවානේ. Deep conditioner treatment කලහමත් සතියක් විතර කොණ්ඩෙ හොඳ තත්වයෙන් තියෙනවා. Keratin තැන්පත් කලහම මාස හයක් විතර තියාගන්න පුලුවන් ඔයාගෙ පරිස්සම අනුව. හැබැයි ලැබුණ කෙලින් ගතිය නැතිවෙන්නෙ නෑ. අඩු වෙන්නෙ silky ගතිය විතරයි. එතකොට නැවත keratin treatment එක කරන්න පුළුවන්. Chemical straightning එකට වඩා වෙලාව ගත වුණත් ක්‍රියාවලිය සංකීර්ණ නැහැ. කොණ්ඩෙ දිග සහ volume එක අනුව වෙලාව සහ මිල තීරණය වෙනව. සමහර කොණ්ඩ එක දවසින් කරල ඉවර කරන්න බැහැ.
✔️මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ ඔයාගේ කෙස්ගස් මත සහ ඇතුළතින් keratin තැන්පත් කරලා සීල් කිරීමයි. ප්‍රතිකාර කරන්න කලින් අනිත් ඒවට වගේම හිසකෙස් හොඳට shampoo දාලා තෙල් කුණු කන්ඩිෂනර් එහෙම තියනවනම් ඉවත් කරන්න ඕන ඉතා හොදින්.
✔️ඉන්පස්සෙ කොණ්ඩෙ හොඳින් වියලලා කොන්ඩෙ කොටස් කරගෙන තුනී තීරු වශයෙන් අරගෙන අපි keratin ආලේපනය හොඳින් තවරනවා කෙස් ගසේ මුල සිට අගටම. උරා ගැනීම සඳහා පැයක් පමණ තිබෙන්නට හැරලා hair drier එක පාවිච්චි කරලා කොණ්ඩෙ වේලා ගන්න ඕන.
✔️ සම්පූර්ණයෙන්ම කොණ්ඩෙ වේලුනාට පස්සේ ආයෙත් කොටස් කරගෙන flat iron එකක ආධාරයෙන් ඉතා හොඳින් iron කරන්න ඕන මුල සිට අගටම. උෂ්ණත්වය සහ වාර ගණන තීරණය කරන්නේ ශිල්පිනියයි.
✔️ hair colour කරපු කණ්ඩයක් නම් ඒ colour එක fade වෙන්න පුලුවන්. නමුත් සේදුම්වාර කීපයකට පස්සේ නැවත පාට කරන්න පුළුවන්. Chemical straightning එකකට පස්සෙත් මේක කරන්න පුලුවන් .... වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනව. ඉතින් මුදල් නම් වැය වෙනව ගොඩාක්.
✔️ කොච්චර හොඳ වුනත් මේ සත්කාරය හැම කොන්ඩෙකට ම කරන්න බැහැ. උදාහරණයක් හැටියට ඕනෙවට වඩා ඩැමේජ් වෙලා තියනවනම් (bleached hair ) ඒ කොන්ඩෙට මේ සත්කාරය කරන එක අසාර්ථකයි වැඩිකල් රැඳෙන්නේ නැහැ . හැබැයි කරනවා නම් හොඳයි. ඒක රඳා පවතින කාලය තමයි අඩුවෙන්නෙ. අනිත් එක තමයි curly hair තියෙන අයට මේක කරන්න බැහැ curly ගතිය නැතිවෙන්න පුළුවන්.
✔️ මේ සත්කාරය කළාට පස්සේ සැර ෂැම්පු යොදලා සෝදන්න එපා කියලා උපදෙස් ලැබෙනවා. ඒ උපදෙස් ඒ විදිහටම ක්‍රියාත්මක කළොත් වැඩි කල් පැවැත්මක් මේ සත්කාරයේ දකින්න පුළුවන්. කොණ්ඩය ෂැම්පු කරන වාර ගණන අඩු නම් දීර්ඝ කාලයක් මේ කොණ්ඩයේ පෙනුම තියා ගන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ දිනපතා නාන්න එපා කියලා එහෙම නෙමෙයි හොඳේ. ඒ කියන්නේ හොඳම විදිය තමයි මගේ ක්‍රමයට ෂැම්පු කන්ඩිෂනර් කරන එක.
✔️පාවිච්චි කරන shampoo එකත් අනිවාර්යෙන්ම chemical අඩු එකක් පාවිච්චි කරන්න වග බලාගන්න ඕනේ. Conditioner කිරීම අනිවාර්‍ය්යයි. Sulphate නැති ඒවා තෝරාගන්න. අවුරුද්දකට තුන් හතර වතාවක් වුණත් මේ සත්කාරය කළාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආර්ථිකයට තමයි ප්‍රශ්නයක් වෙන්නේ.?

(Beauty Secrets With Rapunzel)