ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....
ශල්‍යාගාරයේ ඇඳට ඉහළින් පෙනෙන ආලෝක ධාරාවත්, අවට සිටින හෙද හෙදියන් සහ වෛද්‍යවරයාගේ ශල්‍යාගාර ඇඳුම් සහ මුකවාඩම් සහිත රූප පෙළත්, එකිනෙක හා කැළතී මා වටා භ්‍රමණය වන්නාක් මෙන් මට දැනිණ. දකුණු ඇසට වරින් වර නිමක් නොමැතිව වත් කෙරුණු දියර නිසා අවට ආලෝක ධාරා වරින් වර බොඳව ගියේය. අන්තිමේදී ගැඹුරු දිය පත්ලක මා කිමිදෙන්නාක් වැනි දැනීමකි. අසලින් එකාකාරව නැගෙන බීප් ශබ්දයක් සහ වරින් වර ඇසෙන වචන පහත් හඬින් ගලා ආවේ ය. නිර්වින්දනය කළ ඇස මත සැත්කමක් සිදු කෙරෙන බව මුළුමනින් අමතක කර දැමුවෙමි. ගැඹුරු අගාධයකට අැද වැටී කිසියම් අඳුරු හිස් අවකාශයක පාවෙන්නාක් මෙන් මට දැනිණි. මෙවැනි වටපිටාවකට ගැළපෙන සේ දැනෙන, කවදා හෝ කියවූ විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නගන්නට තැත් කළෙමි. එහෙම නැත්නම් මගේම සිත තුළ මැවෙන ෆැන්ටසියක්.....එවැනි සිතිවිලි ධාරවල කිමිදි කිමිදී හදවත මිරිකන නොසන්සුන්කම පලවා හරින්නට උත්සාහ දරමින් සිටියෙමි.
කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් අවසන් කිරීමේ අවශ්‍යතාව 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ අරමුණු කිහිපයක් මඟින් අවධාරණය කර ඇත. ළමුන් හා කාන්තාවන් ලිංගික අතවරයට ලක්වීම වැළක්වීම, කාන්තාවන්ට හා ළමුන්ට කායික හා මානසික හිංසනයන්ගෙන් තොර වීමට ඇති අයිතිය මෙන්ම අපයෝජනය, සුරාකෑම, ජාවාරම, ළමා මෙහෙකාර සේවය සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයෙන් සහ වධහිංසා පැමිණවීම අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව තිරසර සංවර්ධන අරමුණු අංක 05 ,08 සහ 16 මඟින් තහවුරු කර ඇත.
දින කිහිපයක් මං බලා සිටියා හැමදාම ඇය ඇඳුම් උනා දමා කන්නාඩිය ඉස්සරහා විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටිනවා. ඇය ඒ පැත්තට මේ පැත්තට හැරි හැරී ඇගේ ශරීරය දෙස බලනවා. බඩට අත තියලා බඩ ඇතුලට තද කරලා බලනවා. එල්ලා වැටෙන පපුව අත් දෙකෙන් උස්සලා තියලා බලනවා. හරියට ඇගේ ශරීරයේ කලිං තිබුණ දේවල් කිසි දෙයක් දැන් තිබිය යුතු නිසි තැන නෑ වගේ. ඇය ඒ දෙස බලා නැවත ඒවා ඒ තිබුන විදියටම සකස් කරන්න උත්සහා කරන සැටි මං හැමදාම හොරෙන් බලා සිටියා. ඇය ඇගේ ශරීරය දෙස කන්නාඩියෙන් බලන හැම අවස්තාවකම ඇය සිටින්නේ කණගාටුවෙන් බව මට තේරුනා.
A man wanted to become a monk so he went to the monastery and talked to the head monk.
Page 25 of 26