Julia Butterfly Hills
සමහර විට කියවල හෝ අහල ඇති ජූලියා හා ලූනාගේ ආදර කතන්දරය.
ඩාවින්චි..විල්මා රුඩොල්ෆ්..ක්හේජාලි කාන්තාවන්..ටෙස්ලා.. වගේම මගේ ලෝකයේ වීරයෙක් ජූලියා.
එයා ඉපදිලා තියෙන්නෙ1974 පෙබරවාරි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්ථයේ.
තමන්ගෙ තාත්තා අමරිකාව පුරාම එයාගෙ කෑම්පින් කාරයෙන් සංචාරයේ යෙදුනු කෙනෙක් හිංද කුඩා ජූලියා ඇගේ පියත් මවත් සහෝදරයො දෙන්නත් එක්ක නගරෙන් නගරෙට යමින් සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්.
අවුරුදු හතේදි පවුලෙ අයත් එක්ක කඳු නැගීමකට සහභාගි වෙන්න ජූලියා උදේම පිටත් වුනා. ගමන පටන් ගද්දි කොහේදෝ ඉඳල ආපු සමනලයෙක් ජූලියාගෙ ඇඟිල්ලෙ වහල තියනව උදේ පාන්දරම. ඉගිලිලා යන්න ප්‍රථික්ශේප කරපු මේ සමනලයව ජූලියා උරහිසේ තිබ්බම මුළු දවසම එයත් එක්ක ගමනේ ගිහිල්ල තියනව. එදා ඉඳල ජූලියා හිල්ස්ගෙ නම ජූලිය බටර්ෆ්ලයි හිල්ස් විදිහටයි හැඳින් වෙන්නෙ.
හොඳ අධ්‍යාපනයක් ලබපු ජූලියා අවුරුදු 22දී මරණීය තුවාල ලබනව බීමත් රියදුරෙක් පදවපු වාහන අනතුරකින්. අනූ නමයෙන් ජීවිතේ බේර ගත්ත ජූලියා පස්සෙ කාලෙක සඳහන් කරනව මේ තමා ඇගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ස්ථානය කියල.
ජීවිතේ අරමුණ ගැඹුර ගැන නිතරම හිතන්න පුරුදු වුණු ජූලියා ගහ කොල එක්ක තියන සම්භන්ධය තමන්ගෙ ඇතුලාන්තතය සුවපත් කිරීමට උදව් උනා කියල තව දුරටත් සඳහන් කරනව.
හැබෑ කථාව පටන් ගන්නෙ මෙතනින්.
1997 නොවැම්බර් මාසෙදි ජූලියා සංචාරයක යෙදෙනව කැලිෆෝනියා ප්‍රාන්ථයේ.. හරියටම කිව්වොත් හම්බෝල්ඩ් කවුන්ටි එහෙමත් නැත්නම් හම්බොල්ඩ් දිස්ත්‍රික්කයේ.
මේ ප්‍රදේශයේ වනාන්තර රකින ස්වෙච්ඡා කන්ඩායමක් උත්සාහ කරනව සංවර්ධන කටයුතු සඳහා කැපීමට නියමිත විශාල කැලයක් රැක ගන්න. මේ කැලය අවුරුදු දාස් ගනණක් පැරනි යෝධ රෙඩ්වූඩ් ගස් වලින් පිරුණු හරිම ලස්සන තැනක්.
ජූලියා එකතු වෙනව මේ කණ්ඩායමට. මොන තරම් උද්ඝෝශණ කරත් ප්‍රාන්ථ රජය තීරණය කරනව මේ කැලය කපන්න. කැලේ රකින්න උත්සාහ කරන ක්‍රියාකාරීන් මෙතනදි ඉතාම අසරණ වෙනව.
මෙන්න මෙතනදියි ජූලියා ඉදිරීපත් වෙන්නෙ.
මේ තරුණ කෙල්ල ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනව ඒ කැලේ තියන උසම ගහට නැගල මේ කැලේ කැපීමේ තීරණය අතහරින තෙක් සත්‍යග්‍රහයේ යෙදෙන්න.
නෝනාවරුනි මහත්වරුණි මේ කථා කරන්නෙ ලංකාවෙ මැති ඇමතිලාගෙ වගේ සත්‍යග්‍රහයක් ගැන නෙමේ. මේ ගහ මීටර් 55ක් උස අවුරුදු දාහකට වඩා පැරනි යෝද ගහක්.
ජූලියා වගේම කවුරුත් හිතන්නෙ දවස් දෙක තුනකින් එයාට ආපහු බිමට බහින්න පුළුවන් වෙයි කියල.
අවුරුදු 22ක් වුනු මේ පුංචි කෙල්ල දවස් කීයක් ගහ මුදුනෙ හිටියද...?
අවුරුදු දෙකකුත් දවස් අටක්.
හිතා ගන්න පුළුවන්ද අවුරුදු දෙකක්. දවස් වලින් කීවොත් 738ක්.
කැලිෆෝනියා ප්‍රාන්ථයේ සීත කාලෙ හරිම දරුණුයි.. හිම කුණාටු හුලඟ වැස්ස.. සෘණ උශ්නතවය එක්ක මේ කෙල්ල කැලේ මැද්දෙ යෝධ ගහක් උඩ තට්ට තනියම ජීවත් වුනා ආන්ඩුව මේ කැලේ කපන අදහස අතෑරල දානකල්.
මේ අවුරුදු දෙකට එකම වරක්වත් ලෙඩකටවත් කිසිම හේතුවකටවත් එයා බිමට බැහැල තියා පොලොව කිට්ටුවටවත් ඇවිත් නෑ.
අහාර පාන ඇඳුම් වගේ මූලික අවශ්‍යතා කඹයක අධාරයෙන් ගැට ගහපු බාල්දි වගේ දේවලින් තමා ගහ උඩට යවල තියෙන්නෙ.
අවුරුදු දෙකකට පස්සෙ ජූලියා බිමට බහින්නෙ මේ වගේ විශාල ගස් නොකපන බවට ප්‍රාන්ථ රජය හා ගස් කැපීමට නියමිත සමාගම පොරොන්දු දුන්නට පස්සෙයි.
ඒ වෙද්දි ජූලීයා ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි.
1998 දී ශිෂ්‍යයෙක් විදිහට කෑම ඔතාගෙන ආපු පත්තර කෑලලක තිබිල මම ජූලියා ගැන කියෙව්වෙ.
ජූලියා අවුරුදු දෙකක් ජීවත් වුනු ගහේ නම ලූනා.
මං ගහට නැග්ගෙ කිසිම දෙයක් නොදන්න පුංචි කෙල්ලක් විදිහට .. ඒත් ගහෙන් බැස්සෙ කිසිම දේකට භය නැති .. පුදුමාකාර ඇතුලාන්ත සාමයක් ලබපු වෙනස්ම මනුශ්‍යයෙක් විදිහට පස්සෙ දවසක ජූලියා සඳහන් කරා.
ලූනාගේ පුරාවුර්ථය.. ලෙජසි ඔෆ් ලූනා Legacy of Luna ජූලියා ලියපු ඉතාම ප්‍රසිද්ධියට පත් වුනු පොතක්. එයා සඳහන් කරනව අවුරුදු දෙකේ අත්දැකීම ගැන මේ පොතේ.
ලූනා හා මම දෙදෙනෙක් නෙමේ. අපි එක්කෙනෙක් .. මේ මොහොතෙ පවා මට ලූනාව දැනෙනව. අවුරුදු දෙකක් පුරා ලූනා මාව රැක බලා ගත්ත.
මං ගහට නැග්ගෙ දෙසැම්බර් මාසෙ සීතලම සීතල දවසක.
දවස් දෙකකට පස්සෙ රෑ තද කුණාටුවක් හැමුවා.. මුළු රෑ පුරාම හුලඟ හිම වැස්ස එක්ක පුදුමාකාර විදිහට තදින් හැමුව.
මං හිතුවෙ මේ මගෙ අවසානය කියල.. හුලඟ හූ කියනව..පිස්සුවෙන් වගේ..සීතලයි වැස්සයි පිස්සුවෙන් වගේ කැරකෙනව. මං හිටියෙ මීටර් පනහක් විතර උඩ ගහ මුදුනෙ අත්තක් බදාගෙන මැරෙන්න සූදානමින්.
මගෙ ඇඟ දරදඬු උනා..
ගස් අතු හැම අතටම නැමෙනව කැරකෙනව..
මං පිස්සියක් වගේ අඬමින් අත්තක් බදාගෙන එහාට මෙහාට වැනුන. මැරෙන්න සූදානම් වෙලා හිටපු මට නිකමට හිතුන ලූනා මට කථා කරනව කියල.
ඒක හරියට නිකං ජූලියා ඇස් ඇරපං කියනව වගේ. මං අමාරුවෙන් ඇස් අරිද්දි දැක්කෙ මේ මහා ගහ හුලඟට ඕනෙ විදිහට එහාට මෙහාට ඔහේ වැනෙනෙ හැටි. බොහොම හීලෑ පුංචි එකෙක් හරිම සියුම්ව හුලඟට ඕනෙ ඕනෙ විදිහට වැනෙන බව මං දැක්ක.
මෙතනදියි මට පනිවිඩේ තේරුනේ. මං ලූනා විදිහටම හුලඟට අවනත උනා.
ලූනාගේ අත්ත තදින්ම බදාගත්තත් හුලඟට ඕනෙ විදිහට ඔහේ වැනෙන්න ඉඩ දුන්න. මගේ ඇතුලාන්තය සැහැල්ලු වුනා. ලූනත් එක්ක ඔහේ වැනුන. එදා ඉඳන් වැස්සට කුණාටුවලට මං භය උනේ නෑ. ලූනා මගෙත් එක්ක හැමතිස්සෙම.. මට කතා කරමින් ..මාව දිරිමත් කරමින්.. ආදරේ දෙමින්.. ලූනා මගේ එකම යාළුවා. මං හිත හදාගත්ත මුළු ජීවිතේම උනත් ලූනා එක්ක ඉන්නව කියල.
පහු කාලීනව ජූලියා ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක් වුනා ගස් හා වනාන්තර ආරක්ශා කිරීමට කැපවුණු. පොත් දෙසීය ගානක් ලිව්ව. දේශන පවත්වමින් රටවල් ගානක සංචාරය කරා. මේ වනාන්තර එක්ක තියෙන ආදරේ නිසා ඉකවදෝරයේදී සිරගත වීමට පවා ලක්වුනා.
ලූනා ගස් වලට ආදරේ කරන්නන්ගේ ආදරයටත් වන සංහාරකයන්ගේ වයිරයටත් පාත්‍ර වුනා. පහු කාලෙක මේ වණ සංහාරකයන් ලූනාගෙ කඳ බාගයක් කපල හුලගට වැටෙන ආකාරයට සකස් කරල තියනව. ඒ දවස් වල කොයිතරම් තදින් හුලඟ හැමුවත් ප්‍රාතිහාරයකට වගේ ලූනා ඇදන් වැටිල නෑ. කොයිතරම් තදින් ගහේ කඳට හානි කරල කපල තිබුනත් පුදුමෙකට වගේ ලූනා යහතින් ..සද්දයක් නැති යෝධයෙක් වගේ බලාගෙන ඉන්නව.
පස්සෙ මේ ශාක පිලිබඳ විශේශඥ්ඥයින්ගෙ ප්‍රථිකාර ලබපු ලූනා අදත් ජීවත් වෙනව.
ඒක හරියට අවුරුදු දාහක් වයස මම උඹල වගේ පුංචි එවුන් ඉදිරියේ ඇද වැටෙයි කියල අහනවද වගේ.
ලූනා අදත් සංඛේතයක් ඔරොත්තු දීමේ.. වැරද්දට එරෙහිව සටන් කිරීමේ.
නිකමට මතක් වුනා ඉවක් බවක් නැතිව වනාන්තර විනාශ කරන ලංකාවෙ මිනිස්සු. මතක් වුනා දුර්ලභ ගහක් කපනවට තනියම විරුද්ධ වෙලා නැගී හිටපු පුංචි ගැහැණියක් .. මට නිකමට හිතුන වාසනාවට අපි අතරෙ ජූලීයාලා තවම ඉන්නව කියල.
අවුරුදු දාස් ගානක් වයස ගස් කපල දාන මිනිස්සුන්ට ගස් කථා කරනව, මොන ගහක් උනත් කපා දාද්දි මේ පොලොව කම්පා වෙනව.
අමතක කරන්න එපා උඹලගෙ හෘද සාක්ශිය උඹලව දවල් රෑ දවනව.
ගස් වනාන්තර අපේ කොටසක් ජුලියා එහෙම කියනව.
ඒක නොදන්න මිනිස්සු ගැන දුකයි.
By Malcolm Sang