Friday, April 26, 2024
Follow Us
කාන්තා හා ළමා අපයෝජනයට ඉඩ නොතබමු

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් අවසන් කිරීමේ අවශ්‍යතාව 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ අරමුණු කිහිපයක් මඟින් අවධාරණය කර ඇත. ළමුන් හා කාන්තාවන් ලිංගික අතවරයට ලක්වීම වැළක්වීම, කාන්තාවන්ට හා ළමුන්ට කායික හා මානසික හිංසනයන්ගෙන් තොර වීමට ඇති අයිතිය මෙන්ම අපයෝජනය, සුරාකෑම, ජාවාරම, ළමා මෙහෙකාර සේවය සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයෙන් සහ වධහිංසා පැමිණවීම අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව තිරසර සංවර්ධන අරමුණු අංක 05 ,08 සහ 16 මඟින් තහවුරු කර ඇත.


සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වයෙන් ළමයින් ආරක්ෂා කිරීම එකසත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ දක්වා ඇති මුලික අයිතියකි. තවද,කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම තුරන් කිරීමේ සම්මුතිය(CEDAW) මඟින්ද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරයි.
Visit us at:
Website: www.sdc.gov.lk
Data Portal: portal.sdc.gov.lk/public/