Thursday, April 18, 2024
Follow Us
අම්මා

දුක හිතෙන නිසදැස්,කවි ,ගීත ,මුහුණු පොතේ සංවේදී පින්තූර මැද පියවරුන්ගේ දිනය නිමා විය.


ආයෙමත් හුදෙකලා වූ මව්පියන් වේලක් ඇර වේලක් හෝ කුසට ආහාරක් සොයා වෙහෙසෙති.
කුමටද? පියවරුන්ට දිනයක්,
කුමටද? මවුවරුන්ට දිනයක්,
"මුළු සසරම දෙමවුපියන්"
"බුද්ධො විය මාතා"
පින්වත් මහණෙනි,
අම්මා බුදුරජාණන් වහන්සේමයි.
"බුද්ධො විය පිතා"
පින්වත් මහණෙනි,
තාත්තා බුදුරජාණන් වහන්සේමයි.
ගෙන් ගෙට බුදුන් වූ දෙමව්පියන් සෙනෙහසින් රැක ගනිමු එවිට මුළු දිවියම මව්පියන්ගේ මයි.
දරුවන් වෙනුවෙන් අපමණ දුක් විදි එහෙත් සෙනෙහස අහිමිව අද තනි වූ රැකවරණයක් නොමැතිව සමහරවිට මහමග ද දමා ගිය මව්වරු ,
"අම්මා ආශ්‍රමය" අපේ කාන්තා වැඩිහිටි නිවාසය 15 දෙනෙක් අම්මාවරු තවත් අම්මාවරුන් 5 දෙනෙකු වෙනුවෙන් ඉඩකඩ,
තුන්වේල තෙරුවන් වදිමින් ජීවිත අවබෝධය උදෙසා තථාගත දහමට සවන් යොවමින්,තුන්වේලට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් රැකවරණය.
රාජ්‍ය හෝ ස්වේච්ඡා සංවිධානවල කිසිදු උපකාරයක් නොමැතිව "පන්සලෙන් රටට" තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ චමිද්‍රි දේශානි සමරනායක සපරමාදු මැතිණියනි,කස්සප දේවමිත්‍ර සපරමාදු මැතිතුමනි,
සෙනෙහස අහිමි වූ අම්මාවරුන් වෙනුවෙන් ඔබ දෙපළගේ සෙනෙහස මහ සයුර සේ ගැඹුරුයි.
අක්කර පහක සරුබිමක් සුන්දර ගොඩනැගිල්ලක්, රන් වැටෙන් වටවූ අසිරිමත් බෝ සමිදුන්,ශෛලමය සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ,දාන ශාලාව,වෛද්‍ය ආධාර කුටිය, සියලු පහසුකම් සහිතව අම්මා වරුන්ට හෙටක්,
මෙය දකින ඔබත් දවසක ඇවිත් යන්න එන්න,අසරණ අම්මා වරුන්ට හිතට ලොකු සතුටක් වේවි එය.
සම්මා සම්බුදු සරණ ලැබේවා
නිම්මාවක් නැති ගුණ සිහි වේවා
දම්මා දස අකුසල් දුරු වේවා
අම්මා මාගේ නිවන් දකීවා
දස මාසයක් දුක් විඳ බිහිකළ අම්මා
ලේ කිරි කර පොවා කුසගිනි නිව් අම්මා
තුරුලේ හොවා නැලවිලි ගී කියු අම්මා
නිවසට බුදුන් වේ මගේ අසරණ අම්මා
දවාල රැ කියා කිසිම
වෙනසක් නැති අම්මා ...
පුතේ කියා නිතරම මගේ
දුක සැප හෙව් අම්මා...
මහණ වෙලා බණ කියන්න
මා හැදු මගේ අම්මා...
ගෙවා සසර දුක දුරු කර
නිවන් දකින් අම්මා...
✍️කොළඹගම පොඩි හාමුදුරුවෝ ....