Thursday, May 07, 2026
Follow Us
State

ගත වූ පැය 24 කාලය තුළ (2024.08.19 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

State

පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර  ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

State

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි.

State

"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.
පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්."

State

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

ජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට අදාළව රථ වාහන සැලැස්ම පිළිබඳව පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

State

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

State

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ (15)  සිදු කෙරිණි. 

State

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

State

කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.

State

2024.08.14 දින  පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු අද (14) වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නම් ලැයිස්තුව පහත සඳහන් පරිදි වේ.

State

අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

State

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර අවධානම් තත්ත්වයක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කළේය.

State

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8)  ඉදිරිපත් කෙරිණ.